ප‍්‍රධාන පුවත්

රුසියානු ජාතිකයෙකුගෙන් වසරේ වඩාත් වැදගත්ම දිනය කුමක්දැයි පැනයක් ඇසුවහොත් පිළිතුර ලෙස අවිවාදයෙන්ම ලැබෙන්නේ මැයි 9 යන්නයි. ඔවුන් දෙවන ලෝක යුද්ධයේ නාසීන්ට විරුද්ධව සෝවියට් හමුදාව ලැබූ විජයග්‍රහණය එදින සමරනු ලබයි.

ජයග්‍රහණයෙන් පසු 75 වන සංවත්සරය සනිටුහන් කරන මෙම වසරේ විජයග්රහණය ඉතා සුවිශේෂී ලෙස සැමරීමට සැලසුම් කර තිබුණද කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී ඇති තත්ත්වය නිසා ප්‍රධාන පෙළපාලිය කල් දැමීමට රුසියානුවන්ට සිදුවිය. එනමුත් සීමාවන් මධ්‍යයේ වුවද ඉතා විශේෂිත වූ ආකාරයකින් මෙම උත්සවය සැමරීමට රටපුරා ජනතාව කටයුතු සිදුකර තිබුණි.

එහි ප්‍රධාන සැමරුම මොස්කව්හි රතු චතුරශ්‍රයේදී ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී ඔහු නාඳුනන යුධ සෙබළාගේ ස්මාරකය අසල මල් තබා  දණ නමා ආචාර කිරීමට කටයුතු කර තිබුණි. ඉන්පසු රටේ ජනතාවට විජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතීමටත්, ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ විරුවන් සිහිකරමින් කෙටි කතාවක් පැවැත්වීමටත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අමතක නොකළේය. ඔහුගේ කතාවෙන්,

” මෙය අපගේ මතකයේ කොටසක්, අපගේ අභිමානයේ කොටසක්, සෑම පවුලකම අතීත සැමරුම් වල කොටසක්, අපගේ ආත්මයේ කොටසක්. එය අපට ලබා දුන්නේ අපගේ දෙමාපියන් හා වැඩිහිටියන් විසින්. ඔවුන් රට වෙනුවෙන් බොහෝ දෑ සිදු කර ඇත. කිසි දිනෙක එය මැනිය නොහැක, කිසි දිනෙක අපට එය ගෙවා නිම කල නොහැක. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගශීලී ජයග්‍රහණය නිමක් නොමැතිව අපි පිළිගන්නා අතර ඔවුන් වෙනුවෙන් අපි උපහාර දක්වන්නෙමු.
අපගේ මුතුන්මිත්තන් ජීවිතය වෙනුවෙන්, මරණයට එරෙහි ව සටන් කළහ. ඔවුන්ගේ එකමුතුව, ශක්තිය මගින් අප එකිනෙකා එක්කොට බැඳ තබනු ඇත. පොදු මතයක්, පොදු බලාපොරොත්තු, පොදු අභිලාෂයන්, වර්තමානය හා අනාගතය පිළිබඳව අපගේ වගකීම් මගින් අපව එක්කොට තබාගනු ඇත. අපි එකට සිටින විට අපිව පරාජය කළ නොහැකි බව අපි දනිමු.”

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සංවේදී කතාවෙන් පසු සුපුරුදු සම්ප්‍රදායික පෙළපාලි වෙනුවට රුසියානු ගුවන් හමුදාව විසින් විශේෂ ගුවන් සංදර්ශණයක් පැවැත්වීමට කටයුතු සිදුකර තිබුණි. මෙයට ගුවන්යානා 600 ක් රට පුරා විවිධ නගරවලදී සහභාගී වූ අතර, එය රුසියානු ඉතිහාසයේ විශාලතම මිලිටරි ගුවන් සංදර්ශනය විය.

සම්ප්‍රදානුකූලව සෑම වසරකම පවත්වන අමරණීය රෙජිමේන්තුවේ පාගමන, එනම් සෑම පුද්ගලයෙකුම තම පවුලේ මුතුන්මිත්තන්ගේ ඡායාරූප රැගෙන සහභාගී වන පාගමන මෙවර විශේෂිත අයුරකින් අන්තර්ජාලය ඔස්සේ විකාශය කරන ලදී. මිලියන දෙකකට අධික යුධ විරුවන්ගේ ඡායාරූප හා විස්තර වලින් සමන්විත මෙම විශේෂ පාගමන සියලුම ජාතික නාලිකා හා රටපුරා විශාල තිර මගින් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණි. මොස්කව් වේලාවෙන් රාත්‍රී 7.00 ට රටේ සියලු ජනතාව තම ඥාතීන්ගේ ඡායාරූප රැගෙන නිවෙස්හි සඳළුතල වලට පැමිණ ජයග්‍රාහි දින ගීතය ගායනා කිරීම, දිනයේ ඉතා සංවේදී අවස්ථාවක් විය.

විජයග්‍රහණ සැමරුමේ අවසාන අංගය ලෙස රාත්‍රී 10ට රුසියාව පුරා සියලුම නගරවල පාහේ ගිණිකෙළි සංදර්ශන සංවිධානය කර තිබුණි. ඒ අනුව මහා දේශප්‍රේමි යුද්දයේ 75 වන සංවත්සරය රුසියානු ඉතිහාසයේ නිහඬ නමුත් වඩාත් සංවේදීම යුධ ජයග්‍රහණ සැමරුම ලෙස ඊයේ දිනයේ ඉතිහාසයට එක්විය.

President Putin lays wreath at war memorial and gives speech on 75th anniversary of Victory Day

President Putin lays wreath at war memorial and gives speech on 75th anniversary of Victory Day

Gepostet von Sputnik am Freitag, 8. Mai 2020

RT

RT

RT

RT

RT

 

RT

RT

RT



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More