දකුණු කොරියාවේ සියෝල් නුවර විවේකය සඳහා වෙන් කර ඇති ප්‍රදේශයක ක්‍රියාත්මක වන රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන සේවකයෙකු කෝවිඩ්19 වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසුව දකුණු කොරියාව තුළ නැවත වතාවක් කෝවිඩ්19 වෛරසය ආසාදනය හිස ඔසවනු ඇති බවට එරට සෞඛ්‍යය අංශ සැක පළකරයි.
එරට සෞඛ්‍යය අංශ වාර්තා වලට අනුව පසුගිය සිකුරාදා දිනය වන විට සියෝල් නුවර ඉටේවොන් පළාත ආශ්‍රිතව අළුතින් වෛරසය ආසාදිත වූවන් 15 දෙනෙකු හමුවූ අතර සෙනසුරාදා හවස් වන විට මුළු දකුණු කොරියාව පුරාම වෛරසය ආසාදිතයින් 40 දෙනෙකු සොයා ගැනීමට කොරියානු සෞඛ්‍යය අංශ සමත්ව තිබුණි.
ඉටේවොන් පළාත සියෝල් නගරය ආශ්‍රිතව පිහිටා ඇති අතර රාත්‍රී සමාජශාලා සහ තැබෑරුම් විශාල ප්‍රමාණයක් පිහිටි ප්‍රදේශයකි. සමාජ දුරස්ථීකරණ නීති ලිහිල් කිරීම මෙම තත්වයට හේතු වන්නට ඇතැයි කොරියානු ජනයා විශ්වාස කරණ බව එරට මාධ්‍යය වාර්තා පවසයි.
ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com
මූලාශ්‍ර https://www.rt.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...