මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයින් විසින් දියත් කළ ඉරුදින පාස්කු ප්‍රහාරය සිදුවී පසුගිය විසිඑක් වැනි දිනට හරියටම පුරා වසරකි. එයින් අහිංසක ජීවිත තුන්සියයකට අධික ප්‍රමාණයක් විනාශ විය. තවත් සිය ගනනකට මාරාන්තික තුවාල සිදු විය. එම භයානක බෝම්බ ප්‍රහාරයට මුහුණ දී අදටත් සිරුරේ කොටස් අහිමිව පෙර පරිදි ක්‍රීඩා කිරීමට නොහැකිව අන් ළමුන් සෙල්ලම් කරන ආකාරය දෙස කඳුළු පිරි දෑසින් යුතුව බලා සිටින කුඩා දැරියගේ කථාව ඇසූ ඕනෑම ශිෂ්ඨ සංවේදී පුද්ගලයකුගේ දෑසට කඳුලක් ඉනුවා නොඅනුමානය.
ත්‍රස්තවාදය යනු දේශපාලනික හෝ වෙනත් අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා අහිංසකයින් කුරිරු ලෙස මරා දැමීමයි. සහරාන් නැමැති ත්‍රස්තයා ප්රමුඛ ත්‍රස්ත කණ්ඩායම ඒ මරා දැමුවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසකයින්ය. මන්ද එසේ ඝාතනයට ලක් වූ කිසිම කෙනෙක්ට ඒ මොහොතේ කිසිම හිංසන සිතුවිල්ලක් නොතිබූ නිසාය. එසේම ත්රස්තවාදයට අතරමැදියෙක් ද නොමැත. එක්කෝ නුඔ ත්‍රස්තයෙක් නැතහොත් ත්‍රස්තයෙක් නොවේ. එබැවින් ත්රස්තවාදයට හෝ ත්රස්තවාදීන්ට අංශූ මාත්‍රයකින් හෝ සහය දෙන්නාද, අනුබල දෙන්නා ද ඊට අවශ්‍ය කරන වාතාවරණය නිර්මාණය කරන්නා ද අනිවාර්යෙන්ම ත්රස්තයෙක්ම වේ.
රටක පැවැත්මට, ජනතාවට සිය කාර්යයන් බියෙන් සැකෙන් තොරව කරගෙන යාමට, අවශ්‍ය වන ප්‍රධානම දේ ආරක්ෂාවයි. එසේ නම් රටක කොඳුනාරටිය විය යුත්තේ ජාතික ආරක්ෂාවයි. ජාතික ආරක්ෂාව ස්ථාපිත වීම යනු ත්‍රස්ත ප්‍රහාරයක් වූ පසු පල්ලිවලට පැන කඩු කිරිච්චි සොයා ගැනීම වත් ත්‍රස්තයාගේ පැටිකිරිය සොයා ගැනීම වත් නොවේ. එවන් ප්‍රහාරයක් සිදුවීමට පෙර උන්ගේ ඉලක්කය කුමක්ද අරමුණ කුමක්ද යනාදිය දැන ගැනීමයි. ඒ දේ කරන්නේ බුද්ධි අංශයයි. එසේ නම් රටේ කොඳු නාරටිය ජාතික ආරක්ෂාව වන විට ජාතික ආරක්ෂාවේ කොඳුනාරටිය වන්නේ බුද්ධි අංශයයි.
මහින්ද රාජපක්ෂ රජය යටතේ යුද ජයග්‍රහණය කරන විට බුද්ධි බලකා තුනක් තිබූ අතර, ජයග්රහණයෙන් පසුව එම බලකායවල් තුනක් බලකා හතක් දක්වා වැඩි කරන ලදී. එමගින් සිදුවීමට ගිය විශාල විනාශයන් අපට මුල් අවස්ථාවේදීම වලකාලීමට හැකිවිය. ඒ දිවයිනේ සෑම තැනකම සෑම ක්ෂේත්රයකම බුද්ධි නිලධාරීන් යොදවා තිබූ නිසාය. නමුත් යහපාලන රජය බලයට පැමිණි විගස කළේ කුමක්ද ? ඉතාම ශක්තිමත්ව තිබූ එම බුද්ධි බලකාය සම්පූර්ණයෙන්ම දුර්වල කර දැමීමය.බුද්ධි නිළධාරීන් කිසිම පිලිගත නොහැකි ශාක්ෂියකින් තොරව සිරිගත කලහ. බොහෝ අයට අභූත චෝදනා කලහ. බුද්ධි නිළධාරින්ගේ කොදු ඇටය බිඳ දැමීමය.
ඉන් සිදුවූයේ කුමක්ද? බුද්ධි තොරතුරු නොලැබීම හේතුවෙන් සහ ලැබුණු තොරතුරු වලට අගයක් නොදීම හේතුවෙන් බුද්ධි ජාලය සහ ආරක්ෂක ජාලය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමයි. තමන් ඉතා ආරක්ෂිත යැයි ජනතාවට වැරදි ලෙස අවබෝධ වීමයි. කිලෝ තිස්පහක් හතලිහක් බර ඇති බෝම්බයක් පිටේ බැඳගෙන පල්ලිය ඇතුලට එනවිටත්, තරු පහේ හෝටලයේ ආපනශාලාවේ එහාට මෙහාට යන විටත් කවුරුත් ඒ පිළිබඳව සැක සිතින් නොබැලූවේ හෝ එය ගණනකට නොගත්තේ එම වැරදි ආරක්ෂිත හැඟීම නිසාය. එසේනම් එසේ ත්‍රස්තයින්ට නිදහසේ තම කාර්යයන් කර ගෙන යා හැකි වාතාවරණයක් නිර්මාණය කළ එම පාලකයින් සියලූ දෙනා එම ප්‍රහාරයට සෘජුව වගකිව යුතුය.
යහපාලන රජයේ පාලකයින් මීට සම්පූර්ණයෙන්ම වගකිව යුතු යැයි සනාථ කරන තවත් කරුණු තිබේ. ඉන්දියානු බුද්ධි ජාලය විසින් අනූ හත්වතාවක් මෙවන් ප්‍රහාරයක් සිදු වෙතැයි යහපාලන රජයට අනතුරු ඇඟවීම් කර ඇතිවා පමණක් නොව ප්‍රහාර සිදුවන ස්ථාන සහ ත්‍රස්ත පුද්ගලයින් ගැන පවා තොරතුරු ලබාදී තිබේ. එවන් තොරතුරක් ලැබුණු වහාම ක්‍රියාත්මක වන බුද්ධි හෝ ආරක්ෂක ජාලයක් නොතිබීම හේතුවෙන් ඒවා සාමාන්‍ය එදිනෙදා තොරතුරක් ලෙසට සලකා ප්‍රහාරය සිදු වූ පසු පාලකයින් කලේ ඒ පිළිබඳ වගකීම පාලන නිලධාරීන්ට පවරා තම අත් සෝදා ගැනීමයි. ජනාධිපති අගමැති පමණක් නොව, යුද හමුදාපති පවා පැවසුවේ තමා මෙය දැන ගත්තේ සමාජ මාධ්‍ය තුළින් බවයි. ඉන්පසුව පාලකයින් කළේ ඇපෙන් බේරීමට මෙන් එය විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමයි. ඔවුන් කළ කී දේ ජනතාව නැරඹුවත් ඔවුන්ගේ සොයාගැනීම් හෝ නිගමනයන් පිළිබඳව අප තවමත් දන්නේ නැත.
දෙවන ලෝක මහා යුද්ධයේදී සහයක හමුදා විසින් ජර්මනිය සහ ජපානය පරාජය කළ පසු නියුරන්බර්ග්, ටෝකියෝ යුද අපරාධ වැනි යුද අධිකරණ පිහිටු වූ නමුත් ඒ එකකටවත් කිසිම ජපන් ජාතිකයෙක් හෝ ජර්මන් ජාතිකයෙක් හෝ සාමාජිකයෙක් ලෙස සහභාගී කර ගත්තේ නැත. නමුත් ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කර ඊට වගකිවයුත්තන් වගකිව යුත්තන් කවුරුන්දැයි සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත් කළ සාමාජිකයින් පිළිබඳව සලකා බලන විට එය අවංක චේතනාවෙන් කරන ලද දෙයක් බැව් කිසිසේත්ම පෙනී යන්නේ නැත.
2018 දෙසැම්බර් මස මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට පටන් ගන්නා ලදි. ජාතිවාදී කොලහාල ඇති කිරීමට කරන ලද ඒ දුෂ්ට ක්‍රියාවෙන් ඒ දේ සිදු නොවුනත් ඒ පිළිබඳව කරන ලද පොලිස් පරීක්ෂණවලින් අවසානයේ 2019 ජනවාරි මස පොල්වත්තක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ සියය ක් සමග තවත් විනාශකාරී භාණ්ඩ රැුසක් හමුවිය. එම විමර්ශනය කිසියම් බලපෑමක් මත අතරමග නතර නොකර දිගටම ගෙන ගියා නම් එමගින්ද පාස්කු ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබුණි.
තමාගේ ජාතිය ආගම ගැන වත් ගැනවත් නොසිතා මේ පිළිබඳව තොරතුරු ලබා දුන් මාවනැල්ලේ මොහොමඞ් රසාත් තස්ලිම් තරුණයාට 2019 මාර්තු මස නන්නාදුනන පුද්ගලයෙක් වෙඩි තබා මරණීය තුවාල සිදු කරන ලදී. ඒ පිළිබඳව විමර්ශනයක් ද නොකඩවා ගෙන ගියා නම් පාස්කු ප්‍රහාරය සැලසුම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත හැකි ව තිබුණි. පාස්කු ප්‍රහාරයේ නායකයා වන සහරාන්ගේ සොහොයුරෙක් බෝම්බයක් සෑදීමට යාමේදී බරපතළ ලෙස තුවාල ලබා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දී ඇති බවට පසුව තොරතුරු හෙළිවින. ඔහුට ප්‍රතිකාර කළ වෛද්යවරයාකවුද ? මේ පිළිබඳව වහාම පොලිසියට දැනුම් දී විමර්ශන කටයුතු පැවැත්වූවා නම් සහරාන් ව ඉතා පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණි.
එසේ නම් මෙවන් සිද්ධීන් යටපත් කරමින් විමර්ශනයන් නොපැවැත්වීමට වගකිව යුත්තේ කවුද ?
ප්‍රහාරයෙන් පසු පොලිසිය සහ අදාළ නිලධාරීන් ක්‍රියා කළ අන්දම අප දුටුවෙමු. පැය විසිහතරක් තුළ සැකකරුවන් පනස් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. එසේනම් ඒ අංශවල කාර්යක්ෂමතාවය පිළිබඳව ගැටළුවක් නොමැති බව අපට පෙනී යයි. ඇත්තේ නියෝග දීම පිළිබඳව තිබූ ගැටලූවයි. පරීක්ෂණ යටපත් කිරීමට තිබූ බලපෑමයි.
ඉතා කෙටි කාලයකදී පල්ලි තුළ සහ අනෙකුත් ස්ථානවල පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, කඩු, කිරිච්චි, සිවුරු හමුදා නිල ඇඳුම් රාශියක් සොයා ගන්නා ලදී. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගේ නිවසකින් කඩු හතලිස් හයක් ද මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිගේ නිවසින් කඩු, කිනිසි සහ ජංගම දුරකථන බැටරි තිස්හයක් ද හමු විය. කල්පිටියේ දී කාන්තා හැඳුනුම්පත් විසිදෙකක්ද ලූණුගල දී ගුවන් ගමන් පත් දහඅටක්ද සොයා ගන්නා ලදී. මරාගෙන මැරුණු එක් බෝම්බකරුවෙක්ගේ බිරිඳ ද පසුව පසු ව බෝම්බයක් පුපුරවා දිවි නසා ගති. ඇය එකල සිටි බලවත් මුස්ලිම් අමාත්‍යවරයෙකුගේ මාමාගේ දියණියයි. මේ විමර්ශනයන්ට යහපාලන රජය කාලයේ සිදු වූයේ කුමක් ද ? පල්ලි වල කඩු තබා ගත්තේ ඇයි ද යන ප්‍රශ්නයට එක්තරා මුස්ලිම් ඇමතිවරයෙක් පිළිතුරු දුන්නේ ඒවා තණකොළ කැපීමට තබාගත් ඒවා බවය. ලංකාවේ ජනතාව තණකොළ කන ජාතියේ අය බව ඔහු සිතුවා විය හැකිය.
යහපාලන පාලකයින් විසින් මේ සියලූ පරීක්ෂණ විමර්ශනයන් යටපත් කළේ සහ සහරාන් වැනි අන්තවාදීන් කළා වූ සියලූ ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැලිකමක් දැක්වූයේ වෙන කිසිවක් නිසා නොව එසේ කළ හොත් මුස්ලිම් ජාතීන්ගේ ඡන්ද තමාට නොලැබේය යන කුහක චේතනාවෙනි. එය එසේ වන බවට මුස්ලිම් අමාත්‍ය වරුන් හඟවා තැබූ බවත් ජනතාව දනී. තමා සතු සුළු ජාතික ඡුන්ද දඩමීමා කර ගනිමින් මුස්ලිම් අමාත්‍යවරුන් විසින් යහපාලන පාලකයින් ව රූකඩ සේ නැටවූ අයුරුද ජනතාව දනී. ඒ කාලය දැන් නිමා වී ඇත. ඉදිරියේදී පවත්වන ස්ථාවර රජය මගින් දේශපේ‍්‍රමී සිංහල දෙමළ මුස්ලිම්ජනතාව ඒකරාශී
කරගනිමින් අප මව්බිම ත්‍රස්තවාදයෙන් තොර සෞභාග්‍යමත් රටක් බවට පරිවර්ථනය කරන බැව් අප විශ්වාසයයි.
සමාජය තුළ දැන් කොරෝනා වෛරසය නිසා කල් ගිය මහ මැතිවරණය දඩමීමා කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමා තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ සන්ධානය දැඩි උත්සාහයක යෙදී සිටි. මෙහිදී ජනතාව සේම ශ්‍රේෂ්ඨාධිකරණය ද සලකා බැලිය යුතු කරුණක් වේ. එනම් මේ නැවත කැඳවන්න උත්සාහ කරන පාර්ලිමේන්තුව යනු කුමක්ද යන්නයි. ඉහත සඳහන් පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන් වගකිව යුතු පාලකයින් සහ එම මන්ත්‍රීවරුන් සහිත එක්සත් ජාතික පක්ෂයයි. ව්‍යවස්ථාව මගින් රට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමට වලි කෑ මන්ත්‍රීවරුන් සහිත ද්‍රවිඩ සන්ධානයයි. ගෝඨාභය ජනාධිපතිතුමාට එදිනෙදා කටයුතු කිරීමට හෝ පරිපූරක ඇස්තමේන්තුවක් වුවත් සම්මත කිරීමට සහාය නොදුන් මන්ත්‍රීවරුන් පිරිසයි. රටේ සම්පත් කුණුකොල්ලයට විකුණා ජාතික ආරක්ෂාව බින්දුවට හෙළු රණවිරුවන් යුද අපරාධ කරුවන් යැයි ජාත්‍යන්තරයේ ද හංවඩු ගැසූ එවන් පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමෙන් රටට සුගතියක් වේද? දේශපේ‍්‍රමී ජනතාව ඊට ඉඩ දෙයිද ? කුමන නීති හෝ ව්‍යවස්ථා හිඩසකිං රිංගා යාමට හැදුවත් ඊට අප ඉඩ දිය යුතු නොවේ. කොරෝනාව නිසා කල් ගිය පාර්ලිමේන්තු මැතිවරණය සුදුසු කාලයකදී පවත්වා අභිනව පාර්ලිමේන්තුවක් කැඳවන තුරු ජනතාව ඉවසිල්ලෙන් බලා සිටි ඒ පාර්ලිමේන්තුවක් නැතිව වුවද ජනාධිපතිතුමා විසින් රට කරන අපූරුව පිළිබදව ජනතා ප්‍රසාදයක් ජනිත වී ඇති බැවිණි.
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...