දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසුරිය මහතාට භාරදීම සඳහා සියල්ල සුදානම් බවත් එය ඉතා කඩිනමින් භාරදීමට කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අභයවර්ධන මහතා Lanka Leadnews වෙත ප්‍රකාශ කළේය.

මේ ගැන සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විශේෂ සාකච්ඡාවක් මීට සිවල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති බවත් එහිදී මේ ගැන තවදුරටත් සාකච්ඡාවූ බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මීට අත්සන් කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කොටසකගේ සහ එක්සත් ජාතික පක්ෂයේ කොටසකගේ නාම ලේඛනයද ලැබීමට නියමිත බවත් එය ලැබුණු විගස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මහින්ද යාපා අභයවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More