දේශීය පුවත්

දිවයිනේ බැංකු අතරින් සමුපකාර ක්‍ෂේත්‍රයේ සණස බැංකුව ඉදිරිගමනක යන බව පැහැදිලියි. අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු රාශියක් දිවයිනේ පවතිනවා සමුපකාර බැංකුවක් ලෙස සණස බැංකුව ඒ අතරින් විශේෂ ස්ථානයක් ගන්නවා – මේ බව ප්‍රකාශ කළේ බදුල්ල සන්ස බැංකු ශාඛාව නව පරිශ්‍රයකට ගෙවදිම නිමිත්තෙන් පැවති උත්සවයකදී ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ ඇම්.පී.ජයසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

තවදුරටත් කතා කල ආණ්ඩුකාරවරයා-

දිවයිනේ බැංකු ආරම්භ කිරීම ගැන සඳහන් කිරීමේදී ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා සහ ටී.බි.ඉලංගරත්න යන මහත්වරුන් අමතක කල නොහැකියි. එසේ රාජ්‍ය බැංකු කිහිපයකින් ඇරඹු බැංකු ක්‍ෂේත්‍රය අද විශාල බැංකු ප්‍රමාණයකින් ව්‍යාප්ත වී පවතිනවා. සණස බැංකුව දිගු කලක් ව්‍යාප්තව පවතින බැංකුවක් දැනට ශාඛා 93ක් සහිත වන අතර ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට මෙම බැංකුව සමත්වී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ සණස බැංකුවේ සභාපතිනිය සාමදානී කිරිවන්දනීය මිය.

සණස බැංකුව අනෙකුත් බැංකු අතරින් විශේෂත්වයක් ගන්නවා ඊට හේතුව දිවයිනේ එකම සමුපකාර බැංකුව සණස බැංකුව වීමයි. ජනතාව ඉතිරි කිරීම් වලට යොමුකර රටේ සංවර්ධනයට එම මුදල් යොමු කිරීමට අපට හැකිවී තිබෙනවා දැනට අපට සැහෙන ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් වර්ධනය කර ගැනීමට හැකිවීම ජයග්‍රහණයක්

ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්වසවයට සණස බැංකු සභාපතිනිය සාමදානී කිරිවන්දනීය මහත්මිය, නියෝජ්‍ය පොලිස් පරීක්‍ෂක අරුණ ප්‍රේමශාන්ත මහතා, සණස බැංකුවේ සාමාන්‍යාධිකාරී නිමල් ශ්‍රී හපුආරච්චි ව්‍යාපාරික ප්‍රධානී සෙල්රින් සෙනෙවිරත්න මිය ඌව පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඒ.එස්.පෙරේරා, බදුල්ල ශාඛා කළමකනකරු ආර්.නෙරංජන් මහතා ඇතුළු බැංකු නිලධාරීන් රැසක් සහභාගී විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More