ඉරාන නාවුක හමුදාව යුද අභ්‍යාසයක දී නෞකා නාශක ටෝපිඩෝ මිසයිලයක් පරීක්ෂාවට ලක් කිරීමේ දී එය වැදීමෙන් එරටෙහිම භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් විනාශ වී නාවුකයින් විශාල පිරිසක් මියගොස් තිබේ. එරට මාධ්‍යවේදීන් පවසන පරිදි ජමරන් නම් යුද නෞකාව මේ නෞකා නාශක මිසයිලය පරීක්ෂාවට ලක් කරන අතර එය කොනාරක් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගැටී මේ විනාශය වී ඇත.
එරට ෆාස් ප්රවෘත්ති සේවය පවසන පරිදි මේ අනතුරෙන් එක් නැවියකු මියගොස් තවත් පිරිසක් මියගොස් තිබේ. පසුගියදා (10දා) හෝමුස් සමුද්‍ර සන්ධිය අසල දී මේ අනතුර වී ඇතැයි එම ප්රවෘත්ති සේවය වැඩිදුරටත් පවසයි.
නිල නොලත් වාර්තාවලට අනුව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය මඟින් පාලනය වන ජමරන් නෞකාව ඔවුන් විසින් කළින් සූදානම් කළ ඉලක්කයක් වෙත මිසයිලය එල්ල කිරීමට පෙර එතැනින් ඉවත් වීමට කොනාරක් නෞකාවට ප්‍රමාණවත් තරම් කාලය තිබී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...