කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) දින ගනුදෙනු අවසානයේ දී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා වී තිබේ. මේ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.30 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 4,367.25 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 2.81% ක වර්ධනයකි. එසේම 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධන අගය වේ.
මේ අතර පසුගිය ගනුදෙනු දින ගණනාව පුරාවට ගනුදෙනු අතරවාරයේ දී දෛනික ගනුදෙනු අත්හිටුවීමට හේතු වූ S&P SL20 දර්ශකයේ කඩා වැටීමට විරාමයක් තබමින් ඒකක 43.70 හෙවත් 2.59% ක වර්ධනයක් වාර්තා කිරීමට එය සමත් විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී දර්ශකය සටහන් වූයේ ඒකක 1,729.15 ක් ලෙසිනි. 2019 ජූලි මාසයෙන් පසු S&P SL20 දර්ශකය තනි දිනක් තුළ ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක අගය මෙය වේ.
අද දින වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 978.44 කි.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය සඳහා සමාගම් 142 ක් ධනාත්මක දායකත්වයක් ලබා දුන් අතර ඒ අතුරින් LOLC, LB ෆිනෑන්ස්, කාගිල්ස්, හේමාස් හෝල්ඩිංග්ස් සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් කැපී පෙනුණි.
කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව දෙවන ස්ථානයේ සිටින ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල අද දිනයේ ද පහළ යාම, මිල දර්ශක සඳහා ලබා දුන්නේ සෘණාත්මක දායකත්වයකි. නමුත් අද දිනයේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් 220,000 ක් රු. 93.00 බැගින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් (crossing) ලෙසින් හුවමාරු වීම, දෛනික පිරිවැටුමට සුවිශේෂී දායකත්වයක් ලබා දීමට සමත්විය. ඒ හරහා රු. මිලියන 20.46 ක පිරිවැටුමක් ජනනය වී තිබුණු අතර දිනයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සාමාන්‍ය ගනුදෙනු හරහා වාර්තා වූ පිරිවැටුම රු. මිලියන 157.88 කි.
දෛනික පිරිවැටුමට සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා ඉහළ දායකත්වයක් කොමර්ෂල බැංකු කොටස් ගනුදෙනුවලින් ලැබුණු අතර එය රු. මිලියන 159.99 කි. මීට අමතරව ලයන් බෘෘවරි සමාගමේ කොටස් ගනුදෙනු හරහා ද රු. මිලියන 102 ක පිරිවැටුමක් වාර්තා විය.
2020 මැයි 11 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැය 2 ක කාලයකට පමණක් සීමා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...