ප‍්‍රධාන පුවත්

මා බොහෝ කලක සිට රුසියාවේ ජීවත් වන අතර මේ දිනවල ලොව පුරා වෙසෙන මගේ හිතමිතුරන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් වලදී නිතර නැගෙන ප්‍රශ්නයක් වන්නේ රුසියාව තුළ කොරෝනා වෛරස ආසාධිතයන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා නමුත් මරණ අනුපාතය ඉතා පහළ අගයක පැවතීමට හේතුව කුමක්ද යන්නයි.

එබැවින් ඒ ගැන අධ්‍යනය කිරීමෙන් පසු එම තොරතුරු ද රුසියානු විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා ආචාර්යවරුන්ගේ මතයන්ද ලාංකික පාඨකයන් සමග බෙදාගැනීමට මා ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස මම මෙය ලිවීමට අදහස් කළෙමි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව

වැඩි වීමට ප්‍රධාන හේතුව ලෙස රුසියාව තුල දිනකට සිදුකරන ඉතා විශාල පරීක්ෂණ සංඛ්‍යාව සැලකිය හැකිය. ඔවුන් දෛනිකව පරීක්ෂණ 180000 (එක්ලක්ෂ අසූදහසක්) පමණ සිදු කරන අතර, එයින් ආසන්න ලෙස 10000 (දසදහසක්) ආසාදිතයන් දිනකට හඳුනාගනී. දැනට සිදුකර ඇති සමස්ත පරීක්ෂණ ගණන මිලියන හයකට ආසන්න අගයක් ගනී. මේ වන විට (05.13) රුසියාවේ කොරෝනා වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 242,271(දෙලක්ෂ හතලිස්දෙදහස් දෙසීය හැත්තෑ එකක්) වන අතර සමස්ථ මරණ සංඛ්‍යාව 2212 කි (දෙදහස් දෙසීය දොළහකි). ආසාදිතයන් ගණන වැඩිවීම කෙරෙහි බලපාන ලද තවත් එක් අවාසිදායක කරුණක් වන්නේ අප්‍රේල් හා මැයි මාසයන්හි රුසියාවේ කාලගුණයයි. විශේෂයෙන් රුසියාවේ යුරෝපයට අයත් නගරවල (මොස්කව්, St.Petersburg) දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 10⁰ ද,  රාත්‍රී එය 1⁰ අතර අගයකද දෝලනය වෙමින් පවතී. එම නගරවල ආර්ද්‍රතාවය ද 40% හෝ ඉන් ඉහළ අගයක් ගැනීම කොරෝනා වෛරසය පැතිරීම කෙරෙහි විශාල වශයෙන් බලපා ඇත.සෝවියට් දේශයේ සෞඛ්‍ය පද්ධතියේ පදනම වී ඇත්තේ නිරෝගී සමාජයක් බිහි කිරීම මගින් රටේ සෞඛ්‍යය තත්ත්වය වැඩිදියුණු කිරීමයි. ඒ අනුව කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ආවරණය වන පරිදි විධිමත් ආහාර රටා, ශාරීරික ව්‍යායාම, මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් සෝවියට් දේශයේ පෙර සිටම ක්‍රියාත්මක වී තිබේ. පොලික්ලිනික්, රෝහල් පමණක් නොව රෝග වලට ප්‍රතිකාර කිරීමෙන් පසු රැකබලාගන්නා සුරැකුම් මධ්‍යස්ථාන ද රට පුරා ව්‍යාප්තව ඇත. පසුකාලීනව සමාජවාදී පාලනයක් පවතින චීන සමූහාණ්ඩුව, කියුබාව, වියට්නාමය, ලාඕසය හා නැගෙනහිර ජර්මනිය සමාන ලෙස තම සෞඛ්‍යය පද්ධතීන් නිර්මාණය කිරීමට කටයුතු කර තිබේ.

වර්තමාන රුසියාව තුළ කොරෝනා මරණ අනුපාතය අඩු වීමට හේතු විමසා බැලීමේදී, මගේ අවධානය යොමුවූ කරුණු කිහිපයක් ඇත. රුසියානුවන්ගේ ආහාර රටාව, විවිධ සමාජ ක්‍රියාකාරකම්, පැරණි සෝවියට් සෞඛ්‍යය පද්ධතිය මගින් රට තුළ ස්ථාපිත කරන ලද ජනතාවට නොමිලයේ ප්‍රතිකාර කරන රාජ්‍ය වෛද්‍ය සේවයක් පැවතීම, රුසියානු රජය චීනයේ තත්වය දැනගත් වහාම ලොව ඇති විශාලම දේශසීමාව චීන-රුසියානු  සීමාව වසා දැමීම හා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ නායකත්වය යටතේ අවශ්‍ය පියවර ගෙන මෙම හදිසි තත්ත්වයට වහා සූදානම් වීම දැක්විය හැකිය. එහිදී ගත් ක්‍රියාමාර්ග අතර දැඩි සත්කාර ඒකකයන්හි ඉඩකඩ පුළුල් කිරීමට පියවර ගැනීම, මෙහිදී අප්‍රේල් මස මුල වන විට දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සංඛ්‍යාව 95000 ක් දක්වා පුළුල් කිරීමට කටයුතු කිරීම , රට පුරා කර්මාන්තශාලා මගින් ශ්වසන උපකරණ, බීජ නාශක, මුව ආවරණ ඇතුළු රටට අවශ්‍ය කරන සියළුම සෞඛ්‍ය නිෂ්පාදන නිපදවා අප්‍රේල් මස අග වන විට රටපුරා බෙදා හැරීමට කටයුතු කිරීම ප්‍රධාන වේ. එපමණක් නොව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු මිලියන 1.2 ට අධික කාර්ය මණ්ඩලයක් මේ වෙනුවෙන් කෙටි කාලීන පුහුණුවීම් ලබාදී , සූදානම් කර තැබීමට රුසියාව කටයුතු කරන ලදී. එහිදී ඔවුන්ට ලොව පුරා පෙර පැවති වසංගත රෝග තත්ත්වයන්හි දී, විශේෂයෙන් Ebola හා SARS පාලනය කිරීම සඳහා එම රටවල් වලට උදව් කිරිම මගින් ලද අත්දැකීම්, නිපදවන ලද ප්‍රතිකාර හා විවිධ උපක්‍රම වර්තමානයේ කොරෝනා වෛරසය මර්දනයේදී උපකාරී විය.

මෙම රෝගයට මේ තාක් ලොව කිසිම රටක් ප්‍රතිකාරයක් හෝ එන්නතක් නිපදවීමට සමත්වී නොමැති වීම තත්ත්වය බරපතළ වීමට ක් හේතුවක් ලෙස විද්‍යාඥයන් පවසති. නමුත් අප දන්නා පරිදි ලෙඩරෝග වලට සාර්ථකව මුහුණ දීමට තිබිය යුතු ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ ප්‍රතිශක්තිය යි. රුසියානුවන් තුළ ප්‍රතිශක්තිය වර්ධනයට සෝවියට් දේශය හා ඊටත් එහා ගිය පැරණි රුසියානු පාරම්පරික පිළිවෙත් රාශියක් හේතු වී තිබේ. එයින් කිහිපයක් රුසියානු මහාචාර්ය යුඩින් තම instagram සමාජජාලා වෙබ් අඩවියේ පල කර ඇත. පැරණි රුසියානුවෝ පුරුද්දක් ලෙස අර්තාපල් තම්බාගත් වාෂ්ප ආශ්වාස කළහ. මහාචාර්යවරයාට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, මුල් දින තුළදීම නැවත නැවත සෝඩා මිශ්‍ර උණු වතුර ආග්‍රහණය කිරීම මගින් දින දෙකක් තුළ සුවය ලැබීමට ඔහු සමත්ව තිබේ.

එමෙන්ම රුසියානුවන් තුළ ඈත අතීතයේ සිටම පැවත එන පුරුද්දක් ලෙස ශීත සෘතුවේ දී සිසිල් ජලයේ ස්නානය කිරීම හැඳින්විය හැකිය. ඔවුන් මෙය පෙබරවාරි 18 වන දින උත්සවාකාරයෙන් සිදුකරයි. මෙහිදී විද්‍යාත්මකව සනාථ කරන ලද ප්‍රතිවිරුද්ධ ජල චිකිත්සාවට සමාන ප්‍රතිඵල ලබා දෙයි. එහිදී උණුසුම් හා සිසිල් ජලය මාරුවෙන් මාරුවට ස්නානය කිරීම සිදුකරයි. මෙමගින් ශරීරයේ අභ්‍යන්තර ප්‍රතිශක්තිය වැඩිවන බව විද්‍යාත්මකව සොයාගෙන ඇත. ඉතා ඈත අතීතයේ සිටම රුසියානුවන් ඉහළ සනීපාරක්ශක විධි අනුගමනය කරන ලද ජාතියක් ලෙස සැලකේ. අතීතයේ සිට අද දක්වාම රුසියානුවන්ට ම විශේෂිත වූ හුමාලය ස්නානය කරන නානකාමර ඔවුන්ට ඇත. මෙහිදී ලී වලින් ආවරණය කරන ලද කුටියක සිට රත් වූ ගල් මතට ජලය වත් කිරීම මගින් පිටවන හුමාලය ස්නානය කිරීම සිදුකරයි. එම අවස්ථාවේදී ශරීරයෙන් දහඩිය පිටවීම මගින් ලැබෙන ප්‍රතිඵලය හෙල සිංහල වෙදකමේ බෙහෙත් ඔරුවෙන් ලැබෙන ප්‍රතිඵලයට සමාන කම් දක්වයි.

රුසියානු ආහාර රටාව සැලකීමේදී එක් ආහාර වේලක් කොටස් තුනකින් සමන්විත වේ. එයට සුප්, සලාද වර්ගයක් හා ප්‍රධාන ආහාර වේලක් ඇතුළත් වේ. මෙම ආහාර රටාව රටපුරා සියලු ආපනශාලා, කර්මාන්තශාලා, පාසල්, රෝහල් හා සියලුම ආයතන වල ක්‍රියාත්මක වනු අදටත් දැකිය හැකිය. මෙම ආහාර ක්‍රමය මගින් දිනකට සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ලම ලබාගත හැකිවේ. ප්‍රධාන ආහාර වේලෙන් පසු ශරීරයට අහිතකර විවිධ බීම වර්ග වෙනුවට රුසියානුවන් පානය කරනු ලබන්නේ වේලා ගන්නා ලද පලතුරු විශේෂයෙන්, බෙරි වර්ග වලින් සකස් කරන ලද පලතුරු පානය කි. තවත් විශේෂ කරුණක් වන්නේ ඔවුන් උදෑසන ආහාරය ලෙස කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ගනු ලබන්නේ උණුසුම් කැඳ වර්ගයි. ආම්ලික කිරි ආහාර එනම් මුදවපු කිරි නැතහොත් මෝරු ඉපදුණු දා සිටම රුසියානු රජය විසින් රුසියානු ළදරුවන් හට කිසියම් කාලයක් නොමිලයේ ලබා දීම සිදු කරයි. ඉහත සියලු ආහාර රටා රුසියානුවන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට විශාල දායකත්වයක් දක්වයි.

මෙම සියලු කාරණා එනම් ආහාර රටාව, ශාරීරික ක්‍රියාකාරකම් හා ඔවුන්ට ම විශේෂ වූ විවිධ සනිපාරක්ෂක පිළිවෙත් , රුසියානුවන්ව ලොව වෙසෙන ඉහළම ප්‍රතිශක්තියක් හිමි ජාතියක් බවට පත්කිරීමට සමත්වී ඇති බව මගේ අදහසයි.



One thought on “ඉතිහාසයෙන් එන සම්ප්‍රදායන් හා බැඳී පවතින රුසියානුවන්ගේ ප්‍රතිශක්තිය මඟින් කොරෝනාවට මුහුණ දෙන හැටි – රුසියාවේ මොස්කව් නුවර සිට ආචාර්ය ජගත් චන්ද්‍රවංශ”

  1. Detail article. It describes how Russia planned how to over come the corona pandemic. The steps taken by Sri Lanka also has to be appreciated. If not we may also will face a disaster.
    We Ranuka Food Products engaged in spicy business in Sri Lanka. Demand for our spicies have increasedat present.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More