කොවිඩ්-19 වයිරස අර්බුදය හේතුවෙන් ගෝලීය නැව් හා ගුවන් සේවා අඩපණ වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළ අන්තර්ජාතික සංක්‍රමණ ,භාණ්ඩ ප්‍රවාහනය, සංවිධානය, වෙන් කිරීම, සම්බන්ධීකරණය හා බෙදා හැරීම සම්බන්ධ කටයුතු සඳහා නම් කරන ලද විශේෂ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා අධිකාරිය පවසයි.
එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසන්නේ මෙහි ආරම්භයයක් ලෙස පසුගියදා විශේෂිත අවශ්‍යතාවයක් සඳහා මගීන් 224 දෙනකු සමග විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළට පැමිණි බවයි.
පසුගිය මැයි 3 වන දින බෝයිං ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපළට ගොඩබස්වන ලද්දේ ගාලු වරායට පැමිණ තිබූ විදෙස් නෞකාවක කාර්ය මණ්ඩලයේ 224 ක් නැවියන් සමගිනි.
“මෙම මාරුවීම් සිදු කිරීම සඳහා (මත්තල) හොඳ අන්තර්ජාතික ගමනාන්තයක් බව අපි තේරුම් ගෙන තිබෙනවා,” සභාපතිවරයා පවසයි. ඔහු පවසන්නේ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රතිලාභ ලබා දෙමින් මත්තල ගුවන්තොටුපළේ ක්‍රියාකාරකම් ඉහළ නැංවීමේ සැලසුම් සකස් කරමින් සිටින බවයි. කාර්ය මණ්ඩල හුවමාරුවේ කොටසක් ලෙස මැයි 20 වන දින තවත් ගුවන් යානයක් මත්තලට පැමිණීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...