විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරා ගත් ගමනාන්තයන්ට ගුවන් හා මුහුදු මඟින් පහසුකම් ලබා දීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මේ බව පැවසීය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපල සාමාන්‍ය කටයුතු නවතා දැමීමත් සමඟ විදෙස් තැපැල් භාණ්ඩ හුවමාරුවන ප්‍රධාන ක්‍රමවේදයක් වන ගුවන් තැපැල් සේවය ද මුළුමනින්ම අකර්මන්‍ය වී තිබේ.
මේ වන විට අප රට ඇතුළු ලොව බෝහෝ රටවල ගුවන් තොටුපල කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සීමාසහිතව විවෘත කරමින් පවතින බවද තැපැල්පතිවරයා පෙන්වා දෙයි.
ඒ අනුව විදෙස්ගතව සිටින සිය හිතමිතුරන්ට අවශ්‍ය ලිපි භාණ්ඩ යොමු කිරීමට නොහැකිව ශ්‍රී ලංකාවේ වෙසෙන දෙස් විදෙස් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වී ඇති අවස්ථාවක යම් සහනදායි විසඳුමක් ලබා දීමේ අරමුණින් තැපැල් දෙපාර්තමේන්තුව මෙම කටයුතු සැලසුම් කර තිබේ.
ඒ අනුව, හොංකොං සහ මෙල්බන් සඳහා මැයි මස 20 සහ බීජිං සඳහා මැයි 20 සහ 23 , එක්සත් රාජධානියේ හීත්‍රෝ සඳහා මැයි මසප 19 සහ 26, ජපානය සඳහා මැයි මස 20 සහ 30, සිංගප්පූරුව සඳහා මැයි මස 23 සහ 30, කටාර් සඳහා මැයි මස 18, 25, සහ 29 ජර්මනිය සඳහා මැයි 18 සහ 25, ඉන්දියාවේ මුම්බායි සඳහා මැයි මස 22 සහ 29, චෙන්නායි සඳහා මැයි මස 18 සහ 25 යන දිනයන් හි දී ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙහිදී විදෙස් ගමනාන්තයන් වෙත තැපැල් භාණ්ඩ ප්‍රවාහනයේ දී ගුවන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම් මෙන්ම පවත්නා තත්ත්වය යටතේ ගමනාන්ත රට තැපැල් බෙදීම කටයුතු සිදු කරන බවද තහවුරු කර ගැනීමෙන් පසු පමණක් තැපැල් භාණ්ඩ ගමනාන්තයන්ට යොමු කරන බවද තැපැල්පතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එසේම පවත්නා තත්ත්වය යටතේ ගුවන් ගමන් අවලංගුවීමට සංශෝධනය වීමට ප්‍රමාද වීමට ඉඩ ඇති බවද ගුවන් සමාගම වැඩිදුරටත් දන්වා තිබේ.
මේ අතර මුහුදු තැපැල් මඟින්ද මෙම සේවාව ලබා දීමට කටයුතු සුදානම් කර ඇත.
ඒ අනුව, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඕස‍්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, සිංගප්පූරුව, ඉන්දියාව, මාලදිවයින, දකුණු අප්‍රිකාව, ග්‍රීසිය, කැනඩාව, හොංකොං, ඩුබායි යන ගමනාන්තයන් සඳහා පමණක් මුහුදු තැපෑල මඟින් පාර්සල් සහ ලිපි යොමු කිරීම සඳහා දිවයිනේ සියලූම තැපැල් කාර්යාල මඟින් පහසුකම් සැලසෙයි.
හොංකොං , ඩුබායි, මාලදිවයින යන ගමනාන්ත සඳහා ලිපි හා පාර්සල් බාර ගැනීම මැයි 22 වන දා අවසන් වෙයි.
එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව සහ ග්‍රීසිය යන ගමනාන්ත සඳහා ලිපි සහ පාර්සල් බාර ගැනීම මැයි 25 වන දා අවසන් වෙයි.
අමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව සඳහා බාර ගනු ලබන අවසන් දිනය මැයි 27 වන දා වන අතර ඉන්දියාව සඳහා ලිපි හා පාර්සල් බාර ගන්නා අවසන් දිනය මැයි 28 වන දාය.
මුහුදු මාර්ගයෙන් ගමනාන්තයන් වෙත තැපැල් ප්‍රවාහනයේ දී සාමාන්‍ය තත්ත්වය යටතේ මාස 2 කට ආසන්න කාලයක් ගතවෙයි.
ලොව පුරා පවත්නා තත්ත්වය හමුවේ මෙම කාල සීමාව තවදුරටත් දීර්ඝ විය හැකි බවද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...