අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට සිදු වෙන්නේ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශයේ ක්‍රිකට් කණ්‌ඩායමට සිදුවූ අන්දමට නයි නටව නටවා සිටීමට යෑයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහනේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති භාණ්‌ඩ බෙදාදීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
විශ්වාසභංග යෝජනාවට අත්සන් කරල තියෙන්නේ කව්ද කියල මේ දවස්‌වල ෆේස්‌බුක් එකේ තියෙනව. ඇත්තටම කව්ද මේකට අත්සන් කරල තියෙන්නේ කියලා රටේ උදවිය දැනගෙන තියෙනවා. මේක නොවිය යුතු දෙයක්.
එක්‌සත් ජාතික පක්‌ෂයේ කවුරුත් අත්සන් කරල නැහැ. ෆේස්‌බුක් තියෙන්නේ විශ්වාසභංග යෝජනා පළ කරන්න නෙමෙයි. ඒක කථානායකතුමාට භාර දීල පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරල ජන්ද විමසීමකින් අවසන් තීන්දුව දෙන්න ඕන.ෆේස්‌බුක් එකෙන් ජන්ද කරන්න බැහැ.
විශ්වාසභංග යෝජනාවට කී දෙනෙක් අත්සන් කර තිබෙනවද අපිට දැනගන්න පුළුවන් වෙන්නේ කථානායකතුමාට එය භාර දුන්නට පසුවයි. ඒකාබද්ධ විපක්‌ෂයෙන් යම්කිසි පිරිසක් විදෙස්‌ගත වෙලා තියෙනවා. මේ අය විශ්වාසභංගයට අත්සන් කරනවාද නැද්ද කියල තාම තීරණය කර නැහැ.
ඒ ගොල්ලො දන්නව මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරල වැඩක් නැහැ කියල. ඒ ගොල්ලන්ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව නැති නිසා මේක ප්‍රතික්‌ෂේප වන බව ඔවුන් දන්නවා. මේකෙදි අග්‍රාමාත්‍යතුමා තවදුරටත් පිරිසිදු කරල දීමක් පමණක් සිදුවේවි. විශ්වාසභංගය ශක්‌තිමත් එකක් වේවි කියල එස්. බී. දිසානායක මහත්තයා කියලා තියෙනවා. එක එක්‌කෙනාට එහෙම කියන්න පුළුවන්. ශක්‌තිමත්ද ලිහිල්ද කියල බලාගන්න පුළුවන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්‌සේ.
ආණ්‌ඩුවේ මැති ඇමතිවරුන් විශ්වාසභංග යෝජනාවට සහයෝගය දෙනව කියල කියන්නෙ තමන්ගෙ අතින්ම තමන්ගෙ බෙල්ල කපාගන්නව වගේ වැඩක්. අපි එකාවගේ මේකට මුහුණ දෙන්න සූදානම්.
විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් රනිල් වික්‍රමසිංහ මහත්තය නෙරපා හරින්න කලින් නායක කමින් ඉල්ලා අස්‌වෙන්න කියල තිස්‌ස අත්තනායක මහත්තය ප්‍රකාශයක් කරලා තිබ්බා මම දැක්‌කා. එයාගේ ඔළුව හොඳ නැහැනේ. ඔළුව හොඳනම් පක්‌ෂෙ මහලේකම් වෙලා ඉඳගෙන පක්‌ෂෙ පාවාදීල යයිද?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...