පුරවැසි කොලම

මැඩගස්කරය කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනයට හා ආසාදිතයන්ට සුවය ලබා දියහැකි විශේෂ අරිෂ්ට වර්ගයක් නිෂ්පාදනය කර තිබේ. “කොවිඩ් ඕගනික්ස්” ලෙස නම් කර ඇති මෙම ඖෂධීය පානය මැඩගස්කරයේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ ඖෂධ වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇතැයි පැවසේ. මීට සතියකට පමණ ඉහත මාධ්‍ය හමුවක් කැඳවමින් මැඩගස්කර ජනාධිපති ඇන්ඩ්‍රි රජොයිලිනා මෙම ඖෂධය පළමුවරට හඳුන්වා දුන්නේය. මෙම ඖෂධය නිපදවූ මැලගසි ව්‍යවහාරික පර්යේෂණ ආයතනයේදී අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් හා මාධ්‍යවේදීන් හමුවේ මෙම ඖෂධය එළි දැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මෙලෙස පැවසීය.

“මෙම ඖෂධීය පානය රෝගීන්ට ලබා දී පරීක්ෂණ සිදු කළා. දින හතක් තුළ එහි ප්‍රතිඵල ලබාගත හැකියි. දැනටමත් රෝගීන් දෙදෙනකු මෙමගින් සුවය ලබා තිබෙනවා. මෙම නිෂ්පාදනය මගින් කොරෝනා වෛරසය ආසාදිත වූවන් සුවය ලබන අතර ඉන් මරණ සිදු නොවන බව ඔබට පෙන්වීම සඳහා මම දැන් ඔබ ඉදිරියේ එය පානය කරන්නෙමි”යි පවසමින් ඔහු එම ඖෂධයෙන් ස්වල්පයක් පානය කළේය.

කොවිඩ් ඕගනික්ස් ඖෂධීය පානය නිෂ්පාදනය කර ඇත්තේ ආටෙමිසියා අනුවා නමැති ඖෂධීය ශාඛයෙනි. ආටෙමිසියා අනුවා නමැති ශාඛය මැලේරියාව සඳහා සාර්ථක ප්‍රතිඵල ගෙනදුන් දේශීය ඖෂධයක් ලෙස මැලගසි ව්‍යවහාරික පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළද, මැලේරියාවට එරෙහිව එය භාවිත කිරීම මතභේදාත්මකය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2012දී අනුවා භාවිත කිරීම විවේචනය කරමින් කියා සිටියේ මැලේරියා රෝගයට ප්‍රතිකාරයක් ලෙස හෝ එය වැළැක්වීම සඳහා පානයක් ලෙස අනුවා ශාකය භාවිතා කිරීම නිර්දේශ කළ නොහැකි බවයි.

එහි වියළි පත්‍රවලවල විශේෂ ඖෂධීය ගුණයක් පවතී. එහෙත් එය කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කරන බවට හෝ එහි සුරක්ෂිතභාවය සහ ඵලදායිකත්වය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් තහවුරු කර නොමැත. එමෙන්ම මෙම ඖෂධය පිළිබඳ පර්යේෂණයන්හි දත්ත මැලගසි ව්‍යවහාරික පර්යේෂණ ආයතනය මගින් මෙතෙක් ප්‍රකාශයට පත්කරද නොමැත. පිළිගත් මට්ටමේ පර්යේෂණ  සිදුවී නොමැති හෙයින් මෙම ඖෂධයෙන් ඇතිවිය හැකි අවදානම පිළිබඳව ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් විසින් අනතුරැ අඟවා තිබේ.

ඇන්ඩ්‍රි රජොයිලිනාගේ රජය එම උපදේශ පසෙක දමා මෙම ඖෂධීය පානය පාසල් දරුවන්ට ලබාදීමට පියවර ගෙන තිබේ. ඖෂධයෙන් ස්වල්පය බැගින් දිනකට වාර කිහිපයක් පාසල් දරුවන්ට ලබා දීම වඩාත් උචිත යැයිද දුප්පතුන්ට නොමිලේ ලබා දෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත. රජය සඳහන් කරනුයේ මැලගසි ජනතාව ආරක්ෂා කිරීම තම ප්‍රධාන අරමුණ බවයි. මැලගසි ව්‍යවහාරික පර් යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චාල්ස් ඇන්ඩ්‍රියන්යාරා ද කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ශාකසාර ඖෂධ භාවිත කළ යුතු යැයි ප්‍රකාශ කර තිබේ.

ඉන්දියානු සාගරයේ විශාලතම දූපතක් වන මැඩගස්කරයෙන් මේ වනවිට රෝගීන් 121 ක් හඳුනාගෙන ඇති අතර කිසිදු මරණයක් වාර්තා වී නොමැත.  ඖෂධීය ශාකසාර, ලෙමන් සහ ඉඟුරැ භාවිත කිරීමෙන් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට මැඩගස්කරවාසීන් අතර විශ්වාසයක් පවතී.

එහෙත් එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය (සීඩීසී) ශාකසාර ඖෂධ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ  මෙවැනි මතයකි. “මෙම විකල්ප ප්‍රතිකර්මවලින් කොවිඩ්-19 මගින් ඇති වන රෝග වැළැක්වීමට හෝ සුව කිරීමට හැකි බවට විද්‍යාත්මකව සනාථ කර නොමැත. සත්‍ය වශයෙන්ම මෙවැනි ද්‍රව්‍ය පරිභෝජනය කිරීම අනාරක්ෂිතය.”

මැඩගස්කරයේ ජාතික වෛද්‍ය ඇකඩමිය (ඇනමෙම්) ද ජනාධිපතිවරයාගේ ඖෂධීය පානයේ කාර්යක්ෂමතාව පිළිබඳව සැක පහළ කර තිබේ. එහි “විද්‍යාත්මක පදනම තහවුරැ කර නොතිබීම නිසා ජනතාවගේ සෞඛ්‍යයට හානි කිරීමේ හැකියාවක් එයට ඇතැයි එම ආයතනය සඳහන් කර තිබේ.

මැඩගස්කරයේ කොරෝනා ප්‍රතිශක්ති අරිෂ්ටය තම රටටද ඇණවුම් කිරීමට ටැන්සානියාවද පියවර ගෙන තිබේ. ටැන්සානියානු ජනාධිපති ජෝන් මගුෆූලි විශේෂ ගුවන් යානයක් මැඩගස්කරයට යවා මෙම අරිෂ්ටය ගෙන්වා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇත. ඔහු මෙන්ම කොංගෝ ජනාධිපතිවරයාද කොවිඩ් ඔර්ගනික් අරිෂ්ටය තම රටට ගෙන්වා ගැනීමට සූදානමින් සිටී.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More