ශ්රී ලංකාවේ භාවිතාවන කුළු බඩු අතර කහ සුවිශේෂී වන්නේ එය කුළුබඩුවක් මෙන්ම ඉතා වැදගත් ඖෂධයක් වන නිසාය. කහ අමු කහ සහ වියළි කහ වශයෙන් ප‍්‍රයෝජනයට ගැනේ අමු කහ කැඩුම් බිඳුම් හා සර්ප විෂ වෙදකමේ ප‍්‍රධාන ඖෂධයක් වන අතර රුධිරගත සෙම බැහැර කිරීමට වියළි කහ යොදා ගනී. හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා අමු කහ අවශ්‍ය වන හෙයින් පුරාණයේ සිටම කහ ගෙවතු වගාවක් ලෙස පැවතියේ ය. වර්තමානයේ වියලි කහ ටොන් හාරදාහක් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබයි. ලංකාවේ කහ ඉන්දියාවේ කහ මෙන් දෙගුණයක ගුණාත්මකභාවයකින් යුතු බව විද්‍යාඥයෝ පවසති. ජනවාරි මාසය වන විට ගෙවතුවලින් ගලවාගන්නා කහ වියළි කහ වශයෙන් තනා ගන්නා සම්ප‍්‍රදායික ක‍්‍රමවේදයක් ඇත. තුනපහ, කහ සහ මිරිස් යොදා අඹරා ගන්නා තුන පහ ගුලිය ආහාර වල රසය හා ගුණය වඩවන අඟනා ස්වභාවික රස කාරකයකි.
වර්තමානය වන විට වියළි කහ කුඩු වශයෙන් වෙළෙදපොළේ දක්නට ඇත. එ්වා විශ්වාසවන්ත ලෙසට ලබා ගැනීම ඇතැම් විට අපහසුය. එයට හේතුව වෙළෙඳුන් විසින් නොයෙකුත් වර්ණකාරක මෙන්ම ලීකුඩු වර්ගද කලවම් කරන බැවිනි. විෂබීජ නාශනයට අගනා ඖෂධයක් වන කහ ආහාර වලට එක් වීම නිසා රුචිකත්වය ඇති කරන අතර ශරීරයට එකතු වන නොයෙකුත් විෂ වර්ග මර්දනයටද උපකාරී වේ. නමුත් ඉහතකී ලෙසට ව්‍යාජ වියළිකහ භාවිතයට ගැනීමෙන් එම ප‍්‍රතිඵල අත්‍නොවන බව පැවසිය යුතුය.වර්තමාන වසංගත තත්වය හමුවේ උදා වූ ඇඳිරි නීති කාලයේ වියළි කහ කිලෝවක මිළ රුපියල් 1800 දක්වා ඉහළ ගොස් ඇති බවටද වාර්තාවේ.නමුත් රජය පවසන්‍නේ කහ කිලෝවක් රුපියල් 750 කට වඩා වැඩි මිළකින් අලෙවි කිරීම වරදක් බවයි. සැබවින්ම මේ ගැටුම නිර්මාණය වන්‍නේ කහ විදෙස් වලින් ගෙන්වා බෙදා හැරීම නිසයි. ලංකාව පුරාම ගෙවතු ආශ‍්‍රිතව සහ වානිජ වශයෙන් කහ වගා කරන ගොවීන් සිටින නමුදු රජය විසින් මේ සම්බන්ධව නිවැරදි සමීක්ෂණයක් කර නැත. පසුගිය කාලය වන විට අමු කහ කිලෝවක සාමාන්‍ය මිළදී ගැනීම වූයේ රුපියල් පණහක් ලෙසටයි. වානිජ වශයෙන් කහ වගාකරන ගොවීන් හට මේ මිළ ප‍්‍රමාණවත් නොවේ. ජනවාරි මාසයේ දී ගලවා ගන්නා කහ මාර්තු මාසය වන විට සකස් කර අවසන් විය යුතුය. එවිට එනම් මාස තුනක් වැනි කෙටිකලක් තුළ වියළි කහ බවට පත් කලයුතුය. මන්ද අප‍්‍රියෙල් වලින් පසු කහ අලයෙන් අංකුර දමා පැළවන්නට පටන් ගැනෙන බැවිනි. නමුත් අමු කහ වියළි කහ බවට පත් කරලීමේ නිවැරදි ක‍්‍රමවේදයක් මේ වන විට රට තුළ ක‍්‍රියාත්මක නොවේ. ගෘහස්ත ක‍්‍රමය සාර්ථක නමුත් එම කහ වානිජ වශයෙන් වෙළෙඳ පළට ඉදිරිපත් කිරීමට සුදුසු වන්‍නේ නැත. එයට එක් හේතුවක් වන්‍නේ පැහැය වෙනස් වීමයි.
මෙම අගනා ඖෂධීය ආහාරය නිවරදිව වානිජ වශයෙන් සකස් කර ගැනීමට සහ විශ්වාසවන්තව වෙළෙඳපලට ඉදිරිපත්කිරීම පිණිස මෙතෙක් සාර්ථක ක‍්‍රමවේදයක් තිබුණේ නැත. කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව විසින් යම් යම් අවස්ථාවන්හිදී නොයෙකුත් ක‍්‍රම හඳුන්වාදී තිබුණද එ්වා ගොවීන් අතර ජනප‍්‍රිය වූයේද නැත. මේ නිසා විදේශ වලින් ගෙන්වන ලද කහ කුඩු කිරීමට බොහෝ ව්‍යාපාරිකයන් පෙළඹී ඇත. මෙලෙස ගෙන්වනු ලබන කහ ඉතා දැඩිය. එ්වා ඇඹරුම් යන්ත‍්‍ර වලට දැමීමේදී විශාල යන්ත‍්‍ර හානියක් සිදු වේ. කුළුබඩු අතර එලෙස බහුල ලෙසට යන්ත‍්‍ර හානියක් සිදුකරන එකම ද්‍රව්‍ය වශයෙන් ගණන් බලාතිබෙන්‍නේ කහය.එසේම කහකුඩු කිලෝවක මිළ රුපියල් හත්සිය පණහත් අටසීයත් අතර ඉහළ මිලකට අලෙවි වන්‍නේද මෙලෙස අපනයනය කරන වියළි කහ භාවිතය නිසාවෙන් බව පැහැදිලිය. ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම මැදරටද ඉතා සරුවට වැඩෙන මෙම පැලෑටියෙන් නිපදවනු ලබන කහ වානිජ වශයෙන් සාර්ථක කරගැනීමට සමත් නව ක‍්‍රමයක අවශ්‍යතාවය පැණ නගින්‍නේ එබැවිනි. මෙම ගැටළුවට සාර්ථක විසඳුමක් දීමට සමතෙක් මෑතකදී බිහි විය. ගම්පළ නිමල් කුමාරතුංග නම් ඔහු ලංකාවේ දේශීය ආහර වානිජ මට්ටමට උසස් කිරීමේලා වැදගත් අත්හදා බැලීම් රාශියක් කළ පුද්ගලයෙකි. 2014 සහසක් නිපයුම් සම්මාන උළෙලේදී ඔහුගේ නිර්මාණ තුනකටම සම්මාන හිමි වුණි. එ් අතරින් වියළි කහ නිෂ්පාදන ක‍්‍රමයට විවෘත අංශයේ පළමුවන ස්ථානය නොහොත් රන් පදක්කමද මුදලින් ත්‍යාගද හිමි විය.
සාම්ප‍්‍රදායිකව අප අමුකහ වේලීමේ දී ජල මුට්ටියකදමා තම්බා ගැනීමද ඉන්පසු හිරු රශ්මියෙන් වියළීමද කෙරේ. වාෂ්පයෙන් තම්බා හිරු රශ්මියෙන් වියළා ගැනීමද කරන නමුත් එයද එතරම් සාර්ථක නැත. නිමල් කුමාරතුංග මහතාගේ ක‍්‍රමවේදය තුළදී වාෂ්පයෙන් තැම්බීම කළද පැය අටක් තුළ වියළි කහ බවට පත්කර ගැනීම සඳහා ඔහු අනුගමනය කර ක‍්‍රමවේදය බෙහෙවින්ම නවමුය .එය බෙහෙවින් කල්පනා කොට නිර්මාණය කරන ලද සියුම් ක‍්‍රමවේදයකි.නව නිපැයුමකි. එ් මගින් කහ වල වර්ණය එලෙසම තබා ගැනීමට හැකි වන අතර වියළි කහ කුඩු වශයෙන් ලබා ගැනීමටද පිළිවන. නිමල් කුමාරතුංග මහතා පවසන පරිදි ග‍්‍රාමීය මට්ටමින් වානිජ වශයෙන් කහ වගා කරන්නන් අතර සමූපකාර ක‍්‍රමයට මෙම යන්ත‍්‍ර සූත‍්‍ර හඳුන්වාදී දියුණු කළ හොත් කහ අපනයනය සම්පූර්ණ වශයෙන්ම නවත්වා ලිය හැකි බවයි. එ් සඳහා නව නිර්මාණ කරුවෙකු වශයෙන් ලබා දිය හැකි දායකත්වය උපරිම අන්දමින් දිය හැකි බවද ඔහු පවසයි.
– Divaina –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...