අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
මෙම විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම පරාජය වන බවත් එය පරාජය කිරීමට ආණ්ඩුවට ඕනෑවටත් වඩා හැකියාව තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්නොකර මාස 2 කට ආසන්න කාලයක් කල්දමා සිටිය බවත් මේ අවස්ථාවේදී එය ඉදිරිපත් කර තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ලජ්ජාවෙන් බේරීමට බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන බව පෙන්වීමට ඕනෑම මොහොතක සුදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය ලබානොදෙන බවත් පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...