බැංකොක් ප්‍රධාන මැණික් හුවමාරු මධ්‍යස්ථානය කඩා වැටීමෙන් ශ්‍රී ලංකාවේ මැණික් ආශ්‍රීත යැපෙන්නන් ලක්‍ෂ හතරක් ආර්ථික දුෂ්කරතාවයට පත්ව සිටිති.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ දත්තවලට අනුව මෙරට මැණික් කර්මාන්තයේ නියැලෙන සෘජු කර්මාන්තකරුවන් හතලිස් දහසක් ද වක්‍ර රැකියාවල නියැලෙන සංඛ්‍යාව ලක්‍ෂ 04 ඉක්මවන බව කියයි.
ලෝකයට මැණික් තොග සපයන බැංකොක් මැණික් හුවමාරු මධ්‍යස්ථානය කොරෝනා ව්‍යවසනය සමඟ වසා දමා තිබෙන බව කර්මාන්තකනරුවෝ පවසයි. සංචාරක ක්‍ෂෙත්‍රය කඩා වැටීමත් සමඟ සංචාරකයින් සදහා මැණික් අලවි කළ සාප්පු හිමියෝ ණය බරින් මිරිකී සිටින බවත් කුලී ගෙවා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.
රත්නපුර සහ බේරුවල දේශීය මැණික් වෙළදපල කොරෝනා ව්‍යවසනය නිසා නවතා දැමීමත් සමඟ සු`ථ මධ්‍යම කර්මාන්තකරුවන්ගේ මැණික් අඩු මුදලට ප්‍රධාන ව්‍යාපාරිකයින් ගැනිමත් සමඟ කර්මාන්තකරුවෝ කර්මාන්තය අතහැර දැමීමේ අවදානමට පත්ව ඇත.
බිද වැටුණු දේශීය මැණික් කර්මාන්තය යලි ගොඩ ගැනීම සදහා රජය මැදිහත්විය යුතු බව කර්මාන්තකරුවෝ රජයෙන් ඉල්ලයි. කඩා වැටුණු මැණික් කර්මාන්තය යලි ගොඩ ගැනීමට සහන වැඩ පිළිවෙලක අවශ්‍යතාවයත් සුළු හා මධ්‍යම පරිමාණයෙන් කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන්ගේ ආර්ථික පීඩනය අවම කිරීමට අවධානය යොමු කළයුතු බව කර්මාන්තකරුවෝ අවධාරණය කරයි.
මේ පිළිබදව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උසස් නිළධාරියෙකු කළ විමසීමේදී පැවැසුවේ කර්මාන්තය යලි ගොඩ ගැනීම සදහා අධිකාරිය සහ වෙනත් රාජ්‍ය ආයතන අය කරන බලපත්‍ර ගාස්තු සියයට 25න් පහළ දැමීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව පැවැසීය. වෙනත් පහසුකම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...