එක්සත් ජාතික පක්ෂයට අද අවශ්‍ය වී ඇත්තේ හම්පඩ නායකත්වයක් නොව තරුණ නායකත්වයක් බව පානදුර නගර සභාවේ සභාපති පානදුර ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක නන්දන ගුණතිලක පවසයි.
ගුණතිලක මහතා එජාපයට පත්විය යුතු මහ ලේකම්වරයා ගැනද සඳහන් කරමින් කීවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ඇමැතිවරයෙක් නොවන බුද්ධිමත්, උගත්, ප්‍රායෝගික දැනුමක් ඇති ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි අයකු පත්කර ගත යුතු බවයි.
ඔහු එජාපය ගැන මේ විග්‍රහය කළේ පානදුර නගර සභාවට සහ පානදුර ප්‍රාදේශීය සභාවට එජාපයෙන් පත්වූ නවක මන්ත්‍රිවරුන් පානදුර තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේදී දිවුරුම් දුන් උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
අප රටේ ජීවත් වන ජනතාව ගම් මට්ටමින් ආරක්ෂා කරගෙන ඔවුන්ට පොදු පහසුකම් ලබා දෙමින් ඉදිරියට යෑමට නම් එක්සත් ජාතික පක්ෂය හා නායකත්වයද සංශෝධනයකට ලක්කර ජනතාවගේ දුක සැප හඳුනන නායකත්වයක් ලබා දිය යුතු අවස්ථාව උදාවී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ප්‍රතිපත්තිය මත තවදුරටත් ඉදිරියට යෑමට ඡන්දදායකයන්ගේ සහයෝගය නොලැබෙන බව ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවද නන්දන ගුණතිලක මහතා පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...