ලෝකයේ කොරෝනා ආසාදිතයින් වැඩිම ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකාවයි. එම සංඛ්‍යාව මේ වනවිට මිලියන 1.5 ඉක්මවා තිබේ.
මෙය සතුටු වීමට කාරණයක් ලෙස නොසැලකුණත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ එක අතකින් එය ගෞරවනීය තත්ත්වයක් බවයි.
ඇමෙරිකාවේ මේ තරම් ආසාදිතයින් හමුවීමට හේතුව එරට ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කරන පරීක්ෂණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීම බව ට්‍රම්ප්ගේ තර්කයයි.
පසුගිය සතිය තුළ දිනකට පරීක්ෂණ ලක්ෂ 3-4 අතර සංඛ්‍යාවක් සිදු කර ඇති බව වාර්තා වෙයි. අඟහරුවාදා (19) වනවිට ඇමෙරිකාවේ කර තිබූ සමස්ත පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 12.6 ක් බව එරට රෝග පාලනය පිළිබඳ මධ්‍යස්ථාන නැමැති ආයතනය සඳහන් කර තිබේ.
ලෝකයේ වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් කළ රට එය වුවද ජනගහනයට සාපේක්ෂව පරීක්ෂණ සංඛ්‍යාව අතින් ඉදිරියෙන් සිටින්නේ ඇමෙරිකාව නොවේ.
ඒ අතින් ගත් කල කැනඩාව, අයිස්ලන්තය, නවසීලන්තය, රුසියාව වැනි රටවල් ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් සිටිති. එහිදී ඇමෙරිකාව හිමි කරගෙන සිටින්නේ 16 වැනි ස්ථානයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...