පාර්ලිමේන්තු නිදහස පාවිච්චි කරමින් ස්‌වාධීන අධිකරණයට ප්‍රහාර එල්ල කිරීම වරදක් බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පෙරේදා (20 දා) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය පිළිබඳ විරෝධය දක්‌වමින් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු අදහස් දැක්‌වූ අවස්‌ථාවේදීය.
දිනේෂ් ගුණවර්ධන මහතා – රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ඊයේ මේ සභාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළා. මේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තියද රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා විසින් ක්‍රියාවට නංවන්නේ.
සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – මේක පාර්ලිමේන්තුව. අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක තවම දන්නේ නෑ.
මහින්ද රාජපක්‍ෂ මහතා – පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ මහතා එක් අවස්‌ථාවකදී කළ ප්‍රකාශයකට රුපියල් පනස් දහසක් දඩ ගැහුවා. පාර්ලිමේන්තු නිදහස පාවිච්චි කරලා ස්‌වාධීන අධිකරණයට මෙහෙම පහර දෙන එක වැරදියි. ඒ අවස්‌ථාවේ මුලසුන විසින් එය නතර කළ යුතුව තිබුණා. එහෙම නම් ශ්‍රේෂ්ඨාධිකරණයට, විනිසුරුවරුන්ට එරෙහිව වෙනම යෝජනාවක් ගෙනැවිත් විවාද කළ යුතුයි. පාර්ලිමේන්තුව මීට වඩා උසස් ලෙස කටයුතු කළ යුතුයි.
සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේට දඩ ගැහුවේ නෑ. මම එදා මේ සභාවේ හිටියා. පිනට දෙන්න කිව්වා. මෙයාලා තමයි අගවිනිසුරුවරිය එළෙව්වේ. ඔබතුමා අගවිනිසුරුවරිය එළවා දැමුවා. ඔබතුමා එළෙව්වේ. මේ අය තමයි එළෙව්වේ.
විමල් වීරවංශ මහතා – රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා විනිසුරුවරුන්ගේ නම කිය කියා චරිත ඝාතනය කළා. කාගෙවත් චරිත ඝාතනය කරන්න නොවේ පාර්ලිමේන්තුව තියෙන්නේ.
අශෝක ප්‍රියන්ත මහතා – රටේ මූලික අයිතිය පාව්චිච් කරලා පාස්‌පෝට් දෙකක් ගත්තා.
බන්දුල ගුණවර්ධන මහතා – ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇති නොකළ යුතුයි.
කථානායක – මම ඒ ගැන සොයා බලන්නම්.
මඳ වේලාවකට පසු සභා ගැබට පැමිණි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මෙසේ කීවේය.
මා සභාවේ නැති අවස්‌ථාවේදී ඊයේ මා කළ ප්‍රකාශයට වැරදි අර්ථකථනයක් හිටපු ජනාධිපතිවරයා දී තිබුණා. මම කිසිම ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරුවරයකුගේ නම ප්‍රකාශ කළේ නෑ. අධිකරණයට, නීතියට මා අපහාස කළේවත් අභියෝග කළේවත් නෑ. මා ඊයේ කී සෑම වචනයකම වගකීම මා භාර ගන්නවා. කිසිවක් ඉල්ලා අස්‌කර ගන්නේ නෑ. මිනීමරුවන්, කුඩුකාරයන්, හොරුන් ඉන්නේ එළියේ. දේශපාලකයන් හා පූජ්‍ය පක්‌ෂය, ජනතාවගේ වරදින් මේ වැරදිකරුවන් එළියෙ ඉන්න බව තමයි මගේ කතාවේ මුඛ්‍ය අර්ථය වුණේ. නීතිඥයන් හොරුන්ව බේරන නිසා තමයි හොරු එළියේ ඉන්නේ. ඒ බව මා නැවත නැවතත් ප්‍රකාශ කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...