ව්‍යාපාරික පුවත්

මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සැපයූ ඇඟලුම් කර්මාන්තය ද කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ලක්ව තිබේ.

1977 න් පසු ආර්ථිකයේ සිදු වූ ව්‍යුහාත්මක පරිවර්තනයත් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් බවට ඇඟලුම් කර්මාන්තය පත් වූ අතර ඉතා කෙටි කාලයක් තුළ ලෝකයේ අංක එකේ ඇඟලුම් නිෂ්පාදකයකු බවට පත්වීමට ද ශ්‍රී ලංකාවට හැකි විය.

විශ්වසනීය හා ගුණාත්මකභාවය හේතුකොට ගනිමින් මෙරට ඇඟලුම් කර්මාන්තය  ජාත්‍යන්තර කීර්තියක් ලැබූ අතර මෙරට සමස්ත අපනයන ආදායමෙන් සියයට 48 ක් උපයන්නේද එම කර්මාන්තයෙන්.

2017 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 4819 ක ආදායමකට හිමිකම් කියූ ඇගලුම් කර්මාන්තය 2018 දී ලබාගන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 5050ක ආදායමක්.

2019 වසරේ ඇගලුම් ආනයනය කිරීමෙන් ලද ආදායම රුපියල් බිලියන 5305 ක් ලෙස වාර්තා වුවද පවතින කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගත වූ මාස 4 තුල දී ඇඟලුම් අපනයනය කිරීමෙන් උපයා ගත හැකි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 1248  ක් පමණයි.

මහා පරිමාණ ඇඟලුම්හල් 200 ක් පමණ මෙරට පැවතියත් අද වන විට එයින් විවෘතව ඇත්තේ 50% පමණ කර්මාන්ත ශාලා ප්‍රමාණයක්.

වෙනදාට රෙදිපිළිවලින්, ජනතාවගෙන් පිරී ඉතිරී යන මංමාවත්වල අද දක්නට ලැබෙන තත්ත්වයයි මේ.

ඇඟලුම් කර්මාන්තයේ ඍජු ආදායම්ලාභීන්ට මෙන්ම වක්‍ර ආදායම්ලාභීන්ට ද මෙම වසංගතය එකලෙස බලපා තිබෙනු දක්නට ලැබෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More