පුරවැසි කොලම

චම්පික රණවකගේ අනුගාමිකයන් මොනතරම් තක්කඩිද කියලා තේරුම් ගන්න මේ දවස්වල අගනා කවුළුවක් විවර කරනවා. මේ රටේ බහුතරයකගේ ජනාදරයට පත් ගුරුවරයෙක් වෙන Tissa Jananayake ඔවුන් පහර ගහන්නේ සන්නස්ගල කියන අසුචි තලිය ඔලුව උඩ තියාගෙනවීම කදිම හාත්ස්‍ය ගෙන දෙන්නක් . හෙළ උරුමය වගේ පක්ෂයක හිටපු අමු තක්කඩියෙක්ට ඇරෙන්න කිසිවෙකුට සන්නස්ගල වගේ එකෙක් හිස මතට ගන්න බෑ. තිස්ස සර් කියන්නේ විෂය කාරණාවලට අමතරව අපේ රටේ සංස්කෘතික වටිනාකම් ගැන අලුත් පරම්පරාවට කියලා දෙන ගුරුවරයෙක්. නමුත් සන්නස්ගල කළේ එහි අනෙක් පැත්ත. ගමෙන් නගරයට ආ කෙනෙකු ලෙස ඇති දැඩි හීනමානය නිසා සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධය ළමුන්ටත් එන්නත් කරපු කෙනෙක්. අපේ සංස්කෘතික දායාදයන්ට හා අතීත උරුමයට වෛර කරන පරපුරක් බිහිකරන්න විෂ කවපු කෙනෙක්. නිරාගමික සංකල්පවලින් මොළ හෝදපු කෙනෙක්. සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර වෙනුවට කුහුහරුප උගන්වපු කෙනෙක්. එතකොට හෙළ උරුමයක් ගැන පෙනී සිටිමින් සෝම හාමුදුරුවන්ගේ මළමිනියත් විකුණා බෞද්ධ භික්ෂුන්ගේ කරමතින් දේශපාලනය කරපු පක්ෂයක කෙනෙකුට පුළුවන්ද සන්නස්ගල ඔලුව උඩ තියාගෙන තිස්ස සර්ට පහර ගහන්න. මොකද ඔවුන් පෙනී සිටි මතවාදය නියෝජනය කරනේ තිස්ස සර්. මම මේ නරුම තක්කඩි විරුද්ධාභාසය පෙන්නලා දුන්නම Mahesh Rangana Jayarathne වගේ අඥාන මෝඩයෝ තර්කයට උත්තර නොදී පල්හෑලි ලියා විශාල පිරිසකට ටැග් කර ඔහු කොතරම් මතවාදී දිළින්දෙක්ද යන්න ඒ හැමෝටමත් ඔප්පු කරනවා.

මොහු ඉදිරිපත් කරන එක් ගොබ්බ තර්කයක් වන්නේ භෞතිකවාදියෙක් වූ සුචරිත ගම්ලත් ප්‍රතිවිරුද්ධ මතාවදයක හිටියත් ඔහු ඉටුකරන ලද ශාස්ත්‍රිය කාර්යබාරයට ගරු කරන ආකාරයෙන් සන්නස්ගලට ගරු කරන බවයි. මොහුට ගම්ලත්ට සමානවම සන්නස්ගලද ශාස්ත්‍රිය උගතකි.දැනුම් කෝෂ්ඨාගාරයකි. සරසවියකි. සන්නස්ගලද විෂයානුබද්ධ පොත පත රචනා කිරීමෙන් තම විෂය ක්ෂෙත්‍රයට සාධාරණයක් ඉටු කළ පුද්ගලයෙක් බවද කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුවම ලියා තිබිණි. අද හෙළ උරුමයට ඉන්නේ බුද්ධිමතුන් හා අල්පශ්‍රැතයන් තෝරාබේරා ගැනීමට බැරි මෙවනි බුද්ධි හීනයින්ය. ගම්ලත් නම් ශාස්ත්‍රීය පොතපත රචනාකර ඇති විද්වතෙකු ලෙස රටේ පිළිගැනීමක් දිනාගත් සන්නස්ගලට එවැනි පිළිගැනීමක් ඇත්තේ කොහේද සන්නස්ගල උසස් පෙළ මට්ටමෙන් එහාට විෂය කේෂ්ත්‍රයට දක්වා ඇති දායකත්වය කුමක් ද? ඔහු ලියා ඇති ශාස්ත්‍රීය පොතපත මොනවාද ? වස්සාන සිහිනය වැනි හොටු නවකතාවල සිට කුණුහරුප නවකතා ශාස්ත්‍රීය කෘති ලෙස ගැනිය හැකිද ? ප්‍රබන්ධ කතා ශාස්ත්‍රීය කෘති ලෙස සලකතොත් ඒ මහේෂ් රංගන වැනි මොට්ටයෙකු පමණි. උසස් පෙළ විෂය නිර්දේශයට අනුව වුවද පියසේන කහදගමගේ වැනි විද්වතුන්ගේ බුද්ධිමය පරිශ්‍රමය කොල්ල කා පොත් ගැසීම ශාස්ත්‍රිය සම්ප්‍රදානයන් නොවේ. උසස් පෙළ මට්ටමට හැර ඔහු රචනා කර ඇති ශාස්ත්‍රීය පොතපත පිළිබඳ ලැයිස්තුවක් අපට ඉදිරිපත් කළ හැකි ද? මිනිස් බුද්ධියට නිගාදෙන තරමේ මෙවැනි මෝඩ තර්ක දැමීමට පෙර සුචරිත ගම්ලත් මහතාම සන්නස්ගල ගැන ලියා ඇති දේ අතීත පුවත්පත් කියවා දැනගන්න. ගම්ලත් සන්නස්ගලව අල්පශ්‍රැතයෙක් හා භාෂා විදුෂකයෙක් වශයෙන් හදුන්වා ඇති බව ඔබ දන්නේ ද ?.

සන්නස්ගල චම්පික ගැන 2015 දී කියූ දේ පවා නොදන්නා අඥානයෙක්ට මේවා කොහොමවත් දන්නවා ඇතැයි සිතිය නොහැකියි. සන්නස්ගල වැනි ශාස්ත්‍රීය හොරු උගතුන් ලෙස පිළිගන්නේ කංසා නඩය පමණි. දැන් නම් උසස්පෙළ මට්ටමෙන් ශාස්ත්‍රීය පොතපත වෙන්කර ගත නොහැකි ප්‍රඥා උණාතාවයකින් පෙළෙන චම්පික ගෝලයන්ද ඊට එකතු වී සිටී. ජනනායක සහ සන්නස්ගල හුවා දක්වමින් දෙපිලකට බෙදී මුහුණු පොතේ කරන වාද විවාද වලදී මේ අඥානයාට සන්නස්ගල පැත්ත ගැනීමට සිදුව ඇති අනෙක් හේතුව දූෂණයට හොරකමට ජාතික මංකොල්ලවලට එරෙහිව තමා හා සන්නස්ගලගේ අදහස් එකට සමපාත වෙන නිසාලු. එය හරියට ස්ත්‍රී දුෂණවලට එරෙහිව සාරුවාගේ සුනිල් හා තමාගේ අදහස් එකට සමපාත වේ යැයි කියන කතාවට සමානයි.හොරකමට වංචාවට සක්විති රණසිංහ හා දඩුවම් මුදලාලිලාගේ අදහස් හා තමාගේ අදහස් සමපාත වේ යැයි කියනවාට සමානයි. හොරකමට බොරුවට අසාධාරණයට එරෙහිව කදවුරු බඳින හැම මොහොතකම සනස්ගලත් සමග මේ අඥානයා ද එකම පිලක් නියෝජනය කරන බව පශ්චාත්භාගයෙන් මෙන් පවසා තිබුණි.

හොරසල්ලි අච්චු ගහපු සජියාගේ පිල හා ඒ සජිත් සමගම බැඳුම්කර බැංකු සුදාලාගේ පිල මොවුන් නියෝජනය කලේ කෙසේදැයි ඇසීම මොවුන්ට සෑහෙන්න කෝපය අවුළුවන ප්‍රශ්න විය හැකියි. මොවුන් ඒ පිල්වලම ලැග සිටියා මිස ඊට එරෙහි අලුත් පෙරමුණක කදවුරු බදිනවා අපි නොදිටීමු. හොරකමට වංචාවට අසාධාරණයට හා අයුක්තියට එරෙහිව අත්වැල් බැඳගත් සිංහල සක්විතිගේ වැඩ කිඩ කීපයක් අපි දැන් මොහුට මතක් කරදීමට කැමැත්තෙමු. ඒ අද මොවුන්ගේ වීරයා අනුන්ගේ බුද්ධිමය දේපළ කොල්ල කෑ ශාස්ත්‍රීය හොරෙක් බව රටම දනිතත් ඒවා නොදන්නේ හෙළ උරුම තක්කඩි කීපදෙනා පමණක් වීම නිසාය.සුචරිත ගම්ලත් මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථ 12ක් අවසරයකින් තොරව හොරට මුද්‍රණය කළේ යැයි ගම්ලත් මහතාගේ බිරිඳ මීට වසර කීපයකට පෙර කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු දැම්මාය. උසස් පෙළට නියමිතව තිබු මනමේ නාට්‍ය පිටපත හොරෙන් මුද්‍රණය කලේ යැයි ලලිතා සරච්චන්ද්‍ර ද නඩු දැමූ විට මතක විදිහට ලක්ෂ හත හමාරක් ගෙවන්නට විත්තිකාර සිංහල සක්විතිට ගෙවන්න නියම කළේය. Ajith Galappaththi ගැන බොරු කියා මඩ ගැසූ විට මොහුගේ මුඛරි වාචාලකමට විරුද්ධව අජිත් 2008 දී නඩු දැම්මේය.

වසර 08 කට පසුව 2016 දී අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කලේ අජිත්ට සාධාරණය ඉටුකරමින් සිංහල සක්විතිට ලක්ෂ 25ක වන්දියක් පැමිණිලිකාර අජිත්ට ගෙවන ලෙස නියෝග කරමිනි. පියසේන කහඳගම මහතාගේ බුද්ධිමය ශ්‍රමය සොරාගත් ශාස්ත්‍රීය මංකොල්ලට විරුද්ධව උසාවි නොගියත් පුවත්පත් වලින් මේ ශාස්ත්‍රීය වංචනිකයාගේ රෙදි ගැලෙව්වේය. සන්නස්ගල වරද පිළිගෙන ඒ වෙනුවෙන් අතයට ගනුදෙනුවක් දීමටද එකග බව ව්‍යංගයෙන් යෝජනා කරමින් තම අත්අකුරින්ම ලියන ලද ලිපියක් පියසේන කහදගමගේ මහතාට යැව්වේය. (ඒ ලිපිය ඇතුළු තවත් දෑ පහත ඡායාරූපවල ගොනුවේ තිබේ.)පියසේන කහඳගම මහතාගේ පුතු Prabodha Kahandagamage සිය පියා පෙණහළු රෝගයෙන් සිටින විට ඔහුගේ මරණය දවසකින් හෝ ඉක්මන් කිරීමට මේ මේ ශාස්ත්‍රීය මංකොල්ලයෙන් වූ සිත්තැවුල හේතු වූ බව පුවත්පත් ලිපියකින්ද හෙළිදරව් කළේය. පහත උපුටා ඇත්තේ ප්‍රබෝධ කහඳගම මහතාගේ ලේඛනයක කොටසකි. //උපුල් ශාන්ත සන්නස්ගල වනාහී ශාස්ත්‍රීය වංචනිකයෙකි. ඔහු පියසේන කහඳගමගේ ( මගේ පියා ) ජීවත්ව සිටියදී පවා ආයු කාලය කෙටි කිරීමට කටයුතු කෙරූවෙක් වෙයි. අම්පාර හද්දා පිටිසර පළාත්වල, කටු ගාලේ ගොඩේ, ගොඩැල්ලේ කරදගොල්ලේ, බණ්ඩර දුවේ කැලෑවේ , වැවේ, පැලේ, පිදුරේ, වන්නි හත් පත්තුවේ සෑම බිම් අඟලක්ම පීරා ඔහු විසින් සොයා ගන්නා ලද ශාස්ත්‍රීය බීජයන් අමු අමුවේ කිසිදු හිරිකිතයකින් තොරව කොපි කළ තැනැත්තකු ලෙස සන්නස්ගල නමැත්තා පෙන්වා දිය හැකි ය. කහඳගමගේයන්ගේ පොතේ පරිච්ඡේද කිහිපයක ම අත්දැකීම් ඉස්පිල්ලක් ඇලපිල්ලක් නෑර සන්නස්ගලයන් ද ලබා තිබීම අතිශය පුදුම සහගත ය .

ඇතැම් ශාස්ත්‍රීය බීජයන් සොයා ගිය කල්හි කුසට අහරක් නො ලදු ව, දුම්රිය පා පුවරුවේ, බස් රියේ පොල්ලේ එල්ලී, පා ගමනින්, ජීවත්ව සිටියදී ඔහුට තිබූ එකම වාහනය වන පුෂ්සයිකලයේ ගොස් ඔහු ශාස්ත්‍රීය කරුණු සොයා ගත් ආකාරය අදට ද අපට විස්මයක් ගෙන දේ. කිසිවකු තමාගේ කෘතියකින් කරුණු ලබා ගන්නේ නම් ඔහුගේ බලාපොරොත්තු වූයේ තම කෘතියෙන් උපුටා ගත් බව දැක් වීම පමණකි. උපුල් ශාන්ත සන්නස්ගල නමැත්තා තාත්තගේ ප්‍රාදේශීය ව්‍යවහාර කෘතියෙහි කොටස් ඒ ඒ අයුරින්ම තමාගේ පොත්පත්වලට ගත්තේ ලෙඩ ඇඳේ සිටින මිනිසාගේ අන්තිම සාරය ද උරාබොමිනි. 2003 අගෝස්තු දෙවැනි සතියේ සිළුමිණ පත්තරේ “පුන්කලස’” මීට සාක්ෂ්‍ය සපයනු ඇත. පෙන්වන මුහුණට මුඛරි කටට රැවටී සන්නස්ගල වන්දනාමානයේ යන අවිචාරශීලීයෝ ද අප අතර ම වෙති. // (උපුටා ගැනීම අවසන් )මෙහෙව් සිංහල සක්විත්තෙක් හිස්මුදුනේ තබාගෙන ඔහුව ගම්ලත්ට සමාන කරමින් ශාස්ත්‍රීය සළුපිළි අන්දවා සිංහයෙක්, විශ්වවිද්‍යාලයක් යැයි වාගාලම්බර පෝස්ටර් ශ්‍යා කරන්න තරම් මහේෂ් රංගන මන්ද මානසික පුද්ගලයෙක් වුයේ ඔහුගේ මොළයටත් චම්පික කරන්ට් ඇල්ලූ නිසා අපි නොදනිමු. තිස්ස ජනනායක සමස්ත ජාතියම මිත්‍යා අන්ධකාරේ ගිල්වමින් සිටින බවටද තවත් ගොබ්බ තර්කයක් ඔහු ඉදිරිපත් කර තිබුණි. ඒ දුටු මට මතක් වුයේ 2015 චම්පිකගේ මැතිවරණ ව්‍යාපාරයේ දී ජ්‍යොතිෂය නාමයෙන් මිත්‍යාමත වපුරපු ඉන්දික තොටවත්ත නම් පොට්ටයෙකු සමග ද ලැග සිටි අන්දමයි. එහෙව් අය තිස්ස ජනනායකගේ කතාවක් අල්ලාගෙන වාලාධියට ගිණිතබා ගත්තන් සේ දගලන්නේ ඊනියා මිත්‍යාවක් නිසා නොව ඊට මුවාවී තිස්ස ජනනයකගේ සහය මහින්ද කදවුරට නිසා ඒ පිළිබඳ උපන් වෛරයකින් පහරදෙන පාදඩ ගතිය පෙන්වීම සඳහාය.

තිස්ස ජනනයකට ඇත්තේ මේ රටේ සංස්කෘතික උරුමයන් පිළිබඳ හැගීමක් හා ජාතිකත්වය පිළිබඳ සංවාදයක් විනා කාගේවත් දේශපාලන අතකොළුවක් වීමේ අවශ්‍යතාවක් නොවේ. චම්පික හැරෙන හැරෙන පැත්තට තාලම්පොට ගසා බඩවියත රැකගැනීමේ උවමනාවක් මහේෂ් රංගන වැනි තක්කඩියෙකුට තිබුණත් තිස්ස සර්ට එවැනි අහේනියක් නැත. සන්නස්ගල වැන්නෙකුට මුවාවී තිස්ස ජනනායකට පහරදීම අසුචි කප්පරක් කන ගමන් අධෝවාතයක ගඳ ගැන කතාකරනවා හා සමාන බව දැන්වත් තේරුම් ගත යුතුය. ඉතිරි ගොන් කතාව “ප්‍රභාකරන් පණ පිටින් ඉද්දි තිස්සයා හිටියේ ඇඳ යටද යන ප්‍රශ්නය අහනවට වඩා සන්නස්ගල හිටියේ කොහෙද ? දැන් හෙළ උරුමය ඒ යුධ විරෝධීන් සමග යහන්ගත වුයේ කෙසේද ? කිලිනොච්චි යනවා වෙනුවට මැදවච්චි, අලිමංකඩ පාමංකඩ, තොප්පිගල කැලයක් ,ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේ කතා කියපු උන් එක්ක නිදිවදින්නේ කොහොමද කියලා විමසා බලන එක ඊට වඩා දේශපාලනික බව මම වෙන ලිපියකින් තේරුම් කරලා දෙන්නම්. රත්තනදෙණියේ

මේධානන්ද හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More