සිංහල ජාතියේ මුර දේවතාවුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ ය යන්න සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් මෙය සිංහල ජාතියේ මුර දේවතාවුන් වහන්සේ ථෙරවාද භික්‍ෂූන් වහන්සේ යනුවෙන් සංශෝධනය විය යුතු ය. මහා විහාරය හා මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ සිංහල ජාතියේ පැවැත්ම සඳහා කර ඇති කාර්යභාරය අපි තවමත් හරිහැටි අවබෝධ කරගෙන නැත්තෙමු.දකුණු ඉන්දියාවට ඉතා ආසන්නයේ පිහිටි අප රට හින්දු සංස්කෘතිය තුළ ගිලී යෑම නැවැත්වීම සුළුපටු දෙයක් නොවේ. විවිධ ආක්‍රමණ හමුවේ සිංහල ජාතියේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අවශ්‍ය මතවාදය (සංකල්ප, ප්‍රවාද), නිර්මාණය වූයේ මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ අතිනි. අටුවා ටීකාදිය ලිවීමෙන් නව දැනුම නිර්මාණය කිරීමෙහි ද උන්වහන්සේ දායක වූහ. අසල්වැසි භාරතයෙන් බුදු සසුන තුරන් වනු උන්වහන්සේ දුටුවෝ ය. එහි බලපෑම ලංකාවට ද දැනෙන බව උන්වහන්සේ අවබෝධ කර ගන්නට ඇත. හින්දු සංස්කෘතික ආක්‍රමණයට හසු වූවා නම් ලංකාවෙන් නැතිවෙන්නේ බුදු සසුන පමණක් නොවන බවත් ඒ සමග සිංහල ජාතිය ද නැතිවන බවත් උන්වහන්සේට තේරුම් යන්නට ඇත.භාරතයේ බෞද්ධයන් වූයේ පසු කලෙක හින්දු සංස්කෘතිය බිහිකල ජනතාව ය. බුදු සසුන භාරතයෙන් නැතිවී ගිය ද භාරතීය ගෝත්‍රවල විශාල වෙනසක් සිදු නො වීය. එහෙත් ලංකාවේ එසේ නොවේ. මෙහි බුදු සමය පැරණි හෙළ ඇදහිලි සමග මිශ්‍ර වූවක් විය.
බුදු සමය හේතු කොටගෙන සිංහල ජාතිය, ජාතියක් ලෙස වෙනස් නොවීය. එහි දී වූයේ වැවට දාගැබ එකතු වීමකි. එය රන් රස සේ විය. පැරණි දේවාල නැති නොවිණ. තවමත් අප රටේ පන්සල් සමග දේවාල ඇත. මේ දේවාල යනු හින්දු කෝවිල් නොවේ. කතරගමද ඇත්තේ හින්දු කෝවිලක් නොව දේවාලයකි. දේවාලවල දෙවිවරු පැරණි හෙළ දෙවියෝ වූහ. පසු කාලයකදී මෙම දෙවිවරු හින්දු දෙවිවරුන් සමග මිශ්‍රවීමක් දැකිය හැකි වුවද සමස්තයක් ලෙස ගත් කල දේවාල කෝවිල් බවට පත් නො විණි. දේවාල කෝවිල් ලෙස සලකන්නේ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය නො දන්නවුන් ය.හින්දු ආක්‍රමණයකින් හෙළ දෙවි සිංහල බෞද්ධකම නැතිවී වෙනම ජාතියක් ඇතිවීමට තිබූ අනතුර දුටු මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ එය වැළැක්වීම සඳහා පියවර ගත්හ. ථෙරවාදය රැකගැනීම ඉන් එක් පියවරක් විය. බුදු දහම, එනම් ථෙරවාදී බුදු දහම රැක ගැනීම සිංහලයන්ගේ පරම වගකීමක් බවට පත් කරගැනීම ඉන් ගලා එන්නක් විය.දුටුගැමුණු එළාර යුද්ධය රජවරුන් දෙදෙනකු අතර කෙරුණු දේශපාලන යුද්ධයක් බව ඇතැම් ඊනියා මහාචාර්යවරු පවසති. එය බලාගෙන “ප්‍රබුද්ධ” නාට්‍යකරුවෝ ටෙලිනාට්‍ය නිර්මාණය කරති.
මොවුන් නොදන්නවාට ඕනෑම යුද්ධයක් දේශපාලන යුද්ධයකි. උප කුලපති පුටුවට තරඟ කිරීම පවා එක්තරා දේශපාලන අරගලයකි. දුටුගැමුණු එළාර යුද්ධය යනු ආක්‍රමණිකයකුට එරෙහිව විමුක්තිදායකයකු විසින් කරන ලද යුද්ධයකි. (වැඩි විස්තර සඳහා නිදහසේ පහන් ටැඹ, සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ හැඳින්වීමක් කියවන්න)එළාරගේ ආධිපත්‍යය ව්‍යාප්ත විණි නම් මෙරට සිංහල කතා කරන සිංහල ජනතාවක් නොවන්නට ඉඩ තිබිණි. එළාර පරාජය කර වැඩි කල් යෑමට මත්තෙන් වලගම්බා කාලයේදී ම අනුරාධපුරය නැවත වරක් පරසතුරන් අතට පත් විය. මගේ නිගමනය නම් මහා විහාරික භික්‍ෂූන් වහන්සේ සිංහල ජාතියේ පැවැත්ම පිළිබඳව නිරවුල් මතවාද සකස් කරන්නට ඇත්තේ වලගම්බා සමය ආසන්නයේදී බව ය. බුදු දහම ග්‍රන්ථාරූඨ කිරීම මෙකල සිදුවූ වැදගත්ම කාර්යයක් වෙයි.නාගර්ජුනපාදයෝ ඉතාම විශිෂ්ට දාර්ශනිකයෙක් වූහ. එහෙත් උන්වහන්සේගේ දර්ශනය පසු කලෙකදී හින්දු දර්ශනය මගින් යට කෙරිණි. ඇතැමුන් ථෙරවාදය හා මහායානය අතර වෙනසක් නැතැයි කීව ද, මම එය නො පිළිගනිමි. මට තේරෙන අයුරින් නම් ප්‍රඥා පාරමිතා සූත්‍රයෙහි ගැටළු තැන් ඇත. නාගර්ජුනපාදයන්ගේ ශුන්‍යතාවය අවසානයේදී ආත්මීයභාවයක් අත්කර ගනියි.
ශුන්‍යතාවාදයෙහි සිට නිරගුණ බ්‍රහ්මන්ට ඇත්තේ කෙටි දුරකි. එම සංකල්ප එකම කාසියක දෙපැත්ත මෙනි.මෙවැනි අදහස් මහා විහාරික භික්‍ෂූන් වහන්සේට ද ඇති වී උන්වහන්සේ ථෙරවාදී නොවන අදහස් ව්‍යාප්ත වීම වැළැක්වීමට විශේෂ අවධානයක් දැක්වූයේ නම් එහි ඇති වරදක් නැත. මහායාන අදහස් ථෙරවාදය තුළට නොගත්තේය යන්න මින් ගම්‍ය නොවේ. එම අදහස් ඉතා සුපරික්‍ෂාකාරී ව ගනු ලැබිණි. මේ සම්බන්ධයෙන් බෝධිසත්ව සංකල්පය කදිම නිදසුනකි. බෝධිසත්ව සංකල්පය ථෙරවාදයට පැමිණියේ මහායානයෙන් වුවත් සියළු මහායානික බෝධිසත්ව සංකල්ප ථෙරවාදය තුළට නොගැණින. බෝධිසත්ව යන්න අද ථෙරවාදය තුළ ගැනෙන්නේ එයට ම ආවේනික අයුරකිනි.මහාවිහාරික භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධාන කාර්යය වූයේ ජාතිය රැකීමය. ජාතිය ථෙරවාදය සමග මුසු කිරීමෙන් ථෙරවාදය රැකෙන විට ජාතියත්, ජාතිය රැකෙන විට ථෙරවාදයත් රැකෙන බව උන්වහන්සේ අවබෝධ කරගත්හ.මෙහි අනෙක් පැත්ත විජාතික බලවේග අවබෝධ කරගෙන ඇත. බ්‍රිතාන්‍ය පාලකයන් දැන සිටි කරුණක් නම් ථෙරවාද භික්‍ෂූන් වහන්සේ සිටින තුරු සිංහල ජාතිය දණ ගැස්සවිය නොහැකි බවය. අද පවා පැකේජයට විරුද්ධ ප්‍රධාන බලවේගය භික්‍ෂූන් වහන්සේ ය. එබැවින් භික්‍ෂු ශාසනය දුර්වල කිරීමට ඔවුහු විවිධ පියවර ගත්හ, ගනිති.වරින් වර මතුවූ තාපස නිකාය ආදිය ද අප හඳුනාගත යුත්තේ මෙම පසුබිම තුළ ය. භික්‍ෂු ශාසනයේ අඩුපාඩුකම් නැතැයි මින් නො කියැවේ. එහෙත් ශාසන ශෝධනයක් කළයුත්තේ විජාතික රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටින නිසා නොවේ. ඇන්. ජී. ඕ. පරයන්ගේ (පිටස්තරයන්ගේ) ඉල්ලීමට ශාසන ශෝධන කරන්නේ කවුද? ශාසන ශෝධනයක් කළයුත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක, ප්‍රබල බෞද්ධ නායකයකු ඇති විටෙක සුපේශල ශික්‍ෂාකාමී මහා සංඝරත්නය විසිනි.මෙහෙණිසස්න ගැනද බැලිය යුත්තේ මේ පසුබිමෙහි ය. භික්‍ෂුණී ශාසනය ඇති කිරීමෙන් කාන්තා විමුක්තිය අත්වන්නේ ද නැත්ද යන්න ආදිය ව්‍යාජ ප්‍රශ්නය.
කාන්තා විමුක්තිකාමිනියන්ගෙන් කී දෙනකුට භික්‍ෂුණීන් වීමේ අවශ්‍යතාවක් වේද? භික්‍ෂුණී ශාසනය ඇති කිරීම පිළිබඳ විනය ප්‍රශ්නය සාකච්ඡා කිරීම අපට පසුවට කල් තැබිය හැකිය. ප්‍රශ්නය වන්නේ අද භික්‍ෂුණී ශාසනය ඇති කිරීමෙන් භික්‍ෂු ශාසනය දුර්වල වන්නේ ද නැති ද යන්න ය. එමගින් ජාතියේ පැවැත්මට ඇති තර්ජන මදිවාට තවත් තර්ජනයක් එල්ල වේ ද යන්න ය.සියලු සිංහල විරෝධී රාජ්‍ය නොවන සංවිධාන භික්‍ෂුණී ශාසනයට ආවඩති. එය වුව ද සැලකිල්ලට ගත යුත්තකි. එසේ නිගමනය නම් මේ අවස්ථාවේ දී තකහනියක් භික්‍ෂුණී ශාසනයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ භික්‍ෂු ශාසනය දුර්වල කිරීමේ අදහසින් බව ය. මෙරට ථෙරවාද භික්‍ෂුන් වහන්සේගේ අප්‍රමාද කාර්යය දුක නැති කිරීමට වඩා ජාතිය රැක ගැනීම ය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියයි. ඒ මහා විහාර සම්ප්‍රදායයි.මහා විහාරයේ දුර්වලකම් නැත් ද? මහා විහාරික භික්‍ෂුන් වහන්සේ අතින් වරදක් සිදුවී නැත ද? මේ ප්‍රශ්න ඇන්.ජී.ඕ. කාරයන් සමග සාකච්ඡා කරන්නේ කවුද? අපේ දෙමවුපියන්ගේ දුර්වලකම් ඇතොත් ඒවා කතා කළ යුත්තේ පවුල තුළ මිස පවුලේ හතුරන් ද සහභාගි කර ගැනීමෙන් නොවේ.
මගේ පියාට පහර දීමට යමකු පැමිණියේ නම් මා කරන්නේ කුමක්දැයි මම දනිමි. විජාතික බලවේග එක්වී මහා විහාරයට පහර දෙන විට අප කළ යුත්තේ කුමක් ද?රෙදි බැනියම් අඳින පියා ගැන ලජ්ජා වීමට බ්‍රිතාන්‍ය අධ්‍යාපනය, ඇතැම් මැද පංතිකයන්ට සාර්ථකව උගන්වා ඇත. මහා විහාරික සම්ප්‍රදාය ගැන ද එවැනි අයුරකින් සිතීමට ඔවුහු අපට ඉගැන්වූහ. අපි එම අධ්‍යාපනය ප්‍රතික්‍ෂේප කරමු. විසි එක් වන සියවසට අධ්‍යාපනය සකස් කිරීමට කතා කිරීම වැරදි ය.මහා විහාරික භික්‍ෂූන් වහන්සේලා කලක් අටුවා ටීකා ලියූහ. අපට නැවතත් අටුවා ටීකා ලිවිය හැකි ය. අටුවා ටීකා යනු නව දැනුම ය. නව නිර්මාණ ය, මහායානය දෙස ද ථෙරවාදී ඇසකින් බලමු. ශුන්‍යය ථෙරවාදයට එකඟය. එහෙත් ශුන්‍යතාවාදය ථෙරවාදය සමග එකඟ නොවේ.මහායානයත් ථෙරවාදයත් දෙකම එක යැයි කීම මුසාවක් පමණක් නොවේ. එය විජාතික පණින රිලවුන්ට ඉණිමං බැඳීමක් ද වෙයි. විජාතික බලවේගවල නියෝජිතයෝ අද බෞද්ධ දාර්ශනික අංශවලට ද රිංගාගෙන ඇත. ශිෂ්‍යත්ව, අධි ශිෂ්‍යත්ව, විදේශ ගමන් ආදිය ථෙරවාදයත්, ඒ සමගම සිංහල ජාතියත් ගිලා ගනිමින් සිටියි.මගේ පියා මිය ගියේය. එහෙත් පිය උරුමය හා පියාගේ මතකය පිළිබඳ වූ සෙනෙහස නො මියෙයි. පියා මියගිය ද අපි ජීවත් වූ ඔහුගේ දරුවෝ වෙමු. ඒ බව ලෝකයාට හඬ නඟා කීමට අපට කිසිදු ලජ්ජාවක් හෝ බියක් නැත.මහා විහාරය අද අනුරපුර නැත. එහෙත් එහි උරුමය සම්ප්‍රදාය හා ඒ පිළිබඳව වූ සෙනෙහස අප තුළ ජීවත් වෙයි. අපි මහා විහාරයේ වෙමු. ඒ බව අපි හඬ නඟා කියමු.මහා විහාරය ගැන නොකියන ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, සෝබෝන්, හාවඩ් හෝ වෙනත් උරුමයන් ගැන කියන්නා කාගේදෝ පුතකු වීමට වලිකන්නෙකි. ඔහුට තම පියා කවුදැයි නිච්චියක් නැද්දැයි නො දනිමු.
-නලින් ද සිල්වා-
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...