2020 එනම් අප දැන් ගත කරන වසර තවත් සාමාන්‍ය වසරක් වූයේ නම් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඉතිරිව ඇත්තේ තවත් එක් මාසයක් පමණි. මීට පෙර ඔලිම්පික් උළෙල අවසන් වශයෙන් අවලංගු කර ඇත්තේ දෙවන ලෝක යුධ සමයේ දී ය. කොරෝනා වසංගතයේ හේතුවෙන් ඇතිවී ඇති තත්ත්වය නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට සිදුවී තිබේ.
දැනට පවතින සීමාවන් ලිහිල් වී ලෝකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වූ පසු ජපානයේ සංචාරය කරන ලෙස ජපන් රජය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටී. ඔවුන් මෙලෙස ඉල්ලා සිටින්නේ සංචාරක පිරිවැයෙන් අඩක් ජපන් රජය දරන පොරොන්දුව මතය. ජපන් සංචාරක ඒජන්සියෙහි ප්‍රධානී Hiroshi Tabata මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ ජපන් රජය යෙන් ට්‍රිලියන 1.35 ක මුදලක් (ඩොලර් බිලියන 12.5) මේ වෙනුවෙන් වෙන් කර ඇති බවයි. ඔවුන් එළඹෙන ජුලි මස සිට මෙම පැකේජය ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. ජපන් සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ආසියානුවන් වන බවත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල හේතුවෙන් ඉදිරියේදී එය වෙනස් විය හැකි බවත් ඔහු තවදුරටත් පවසා සිටියේය.
පවතින තත්වයට මුහුණ දීම සඳහා ජපන් වැසියන් හට යෙන් 100,000 ක් හා ආර්ථික සහන පැකේජයක් ලබාදීමටද අගමැති Shinzo Abe ප්‍රමුඛ ජපන් රජය පියවර ගෙන ඇත. ජපානයේ එළඹෙන සතියේ තුළ හදිසි තත්ත්වය ඉවත් කළ හැකි මුත් ආරක්ෂක හා සනීපාරක්ෂක පිළිවෙත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වනු ඇති බව ජපන් මාධ්‍ය අනාවරණය කරයි.
ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ විදේශිකයන් මිලියන 3.94 ක් පමණ ජපානයට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ සංඛ්‍යාලේඛනවලින් 64% කට වැඩි අඩුවීමකි. පසුගිය මාසයේ විදේශීය සංචාරකයින් 2,900 ක් පමණ ජපානයට පැමිණි අතර එය 1964 වසරෙන් පසු අඩුම අගය වේ.
මූලාශ්‍ර
japantimes
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...