ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 25 දින අලූයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය 25 දින අලූයම 5.50 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලූ දෙනාම සහ ඔවුන් විසින් රැගෙන ආ බඩුබාහිරාදිය ද ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට පෙර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජ හරණය කිරීම ලක් කළහ.
පසුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් මොවුන් තුළ කොරෝනා වෛරස ආසාදනය වූ බවට ලක්ෂණ තිබේදැයි සොයා බැලීමක් ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිදු කළහ.
පසුව ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් මෙම ගුවන් මගීන් පිරිස නිරෝධායන කටයුතු සඳහා විශේෂ බස් රථවල නංවා එම මධ්‍යස්ථාන කරා රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.
රුසියාවේ සිට ශ‍්‍රී ලංකාවට මේ ආකාරයට රැගෙන ආ දෙවන කණ්ඩායම මෙයයි. මීට පෙර 22 දින රාත‍්‍රී 10.54 ට ද මෙවැනිම ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 261ක් , ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...