විදේශ පුවත්

රුසියාව තමන්ගේම කක්ෂිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කරන බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ (Roscosmos) අධ්‍යක්ෂක Dimitry Rogozin පසුගියදා පැවසීය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තව වසර 7-10 අතර කාලයක් ක්‍රියාත්මක වනු ඇති බවත්, එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නව මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම ඇරැඹීමට ඉක්මනින් පියවර ගත යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේ ය. සැමවිටම අභ්‍යවකාශ ගවේෂණයේ හා කක්ෂීය මධ්‍යස්ථාන නිර්මාණයේ ප්‍රමුඛත්වය ගෙන සිටින රුසියාව මේ සඳහාද ප්‍රමුඛතාවය ගෙන කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කරන ලදී..

1988 වසරේදී එක් මෙහෙයුමක් සඳහා පමණක් භාවිතා කරන ලද සෝවියට් අභ්‍යවකාශ ශටලයක් වන Buran හි අනුප්‍රාප්තිකයෙක් ලෙස නව ශටලය නිර්මාණය කිරීමට සැලසුම් සකස් කර තිබේ. සඳ තරණයට විශ්වීය මොඩියුලයක් නිර්මාණය කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, කිසිවෙකුට සඳ හෝ අභ්‍යවකාශය පෞද්ගලීකරණයට ඉඩ නොතබන බවත් Roscosmos අධ්‍යක්ෂක Dimitry Rogozin අවධාරණය කරන ලදී. ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතක දී අත්සන් කරන ලද විධායක නියෝගයකට ප්‍රතිචාර වශයෙනි. එම නියෝගයේ සඳහන් වූයේ “වාණිජ ගවේෂණය, ප්‍රතිසාධනය හා අභවකාශ සම්පත් භාවිතය” සඳහා ඇමරිකානුවන්ට අයිතිය තිබිය යුතු බවයි.

මූලාශ්‍ර
www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More