දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන්කරනලද රාජ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම ඉල්ලීම ඉදිරිපත් වී තිබේ.

ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක, වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, රාජ්‍ය පරිපාලන හා කළමණාකරන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන් මෙසේ සිය තනතුරුවලින් ඉවත්කරන ලෙසට මෙම ඉල්ලීම ඉදිරිපත්වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වයෙන් මෙම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධීපතිතුමා විසින් පත්කර ඇති අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් පසු මෙම රාජ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා ඉවත්කිරීමට අවශ්‍ය පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිංහ මහතා විසින් ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු අප සමග පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More