රට තුළ විශාල වශයෙන් වැඩිවන අපරාධ රැල්ල මැඬලීමට ආණ්ඩුව වහා පියවරක් ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22 දා) පැවැසීය.
මත්කුඩු ජාවාරම වැඩිවී මිනී මැරුම්, වෙඩි තැබීම්, මංකොල්ලකෑම්, ළමා අපචාර ආදී දූෂණ ක්‍රියාවන් වර්ධනය වීමේ තත්ත්වයක් දකින්නට ඇති බවත් මේවා මැඬලීම පොලිසියේ වගකීම බවත් කීවේය.
සිදුවන හැම දේටම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇඟිලි දිගු කරන ආණ්ඩුව රටේ සිදුවන අපරාධ රැල්ල වහා මැඬපැවැත් විය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
රට තුළ සිදුවන සියලු දේකින් රට අරාජික වී ඇති තත්ත්වයක් පෙන්නුම් කෙරෙන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...