රුසියානු මහා දේශප්‍රේමි යුද්ධයේ 75 වන විජයග්‍රහණ සංවත්සරය පසුගිය මැයි මස 9 වන දිනට යෙදී තිබුණි. කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවූ තත්ත්වය නිසා අඛණ්ඩව සෑම වසරකම පවත්වන ලද සම්ප්‍රදායික විජයග්‍රහණය පෙළපාලිය කල් දැමීමට ඔවුන්ට සිදුවිය.
එලෙස කල්ගිය සම්ප්‍රදායික පෙළපාලිය එළඹෙන ජුනි 24 වන දා මොස්කව් හා අනෙකුත් නගරවල පවත්වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් පසුගිය අඟහරුවාදා නිවේදනය කරන ලදී. 1945 වසරේ දී එනම් යුධ ජයග්‍රහණයෙන් පසු පළමු විජයග්‍රහණ පෙළපාලිය පවත්වා ඇත්තේද ජුනි 24 දාක වීම මෙහි විශේෂත්වය වැඩි වීමට හේතු වේ. මොස්කව් හි රතු චතුරශ්‍රයේ දී පැවති මෙම පළමු පෙළපාලියට මොස්කව්, ලෙනින්ග්‍රාඩ්, ස්ටාලින්ග්‍රාඩ් වෙනුවෙන් සටන් කර ඒවා ආරක්ෂා කරගත් හා බර්ලිනය යටත් කරගත් යුද සෙබළුන් සහභාගී වී තිබේ.
කෙසේ වෙතත් පසුගිය මැයි නව වන දින මොස්කව් හා අනෙකුත් ප්‍රධාන නගරවල විශේෂ ගුවන් පෙළපාළියක් හා අන්තර්ජාලය ඔස්සේ විශේෂ පෙළපාලියක් පැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබුණි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අනුව ජුනි 24 වන දින පෙළපාලියට සහභාගිවන්නන් හට ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පාලනය කිරීමට ඔවුන් විශේෂ ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීමට නියමිතය.
මූලාශ්‍ර
sputniknews.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...