දේශීය පුවත්

ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදාට යෙදී තිබේ. 2017 වසර වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් ගණන 8511ක් වන බවත්ඉන් 8113ක් අලුතින්ම හඳුනාගත් රෝගීන් බවත් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි.

මේ අනුව පළාත් වශයෙන් ගත්විට බස්නාහිර පළාතෙන් 3601ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් 2051ක් ලෙසක්ෂය රෝගීන් වාර්තා වී තිබේ. මේ දත්ත අනුව බස්නාහිර පළාතේ ක්ෂය රෝගය තදින් පැතිර යෑමේ අවදානමක් පවතින බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සඳහන් කළාය.

හඳුනානොගත් ඇස්තමේන්තුගත රෝගීන් සංඛ්‍යාව දහතුන් දහසකට අධික යැයි සැලකෙන අතර, වහා මේ රෝගීන් හඳුනා නොගතහොත් එම රෝගීන්ගෙන් තවත් අයට රෝගය පැතිර යෑමේ අවදානම දැඩි බවද වැඩිදුරටත් වෛද්‍යවරිය අවධාරණය කළාය.

ම්පූර්ණයෙන්ම සුවකළ හැකි හා වළක්වාගත හැකි ක්ෂය රෝගය, සති දෙකකට වඩා වැඩි කලක් පවතින කැස්ස, රාත්‍රි කාලයේ මඳ උණ,කෑම අරුචිය, ශරීරයේ බර අඩුවීම, ලේ සහිත සෙම් පිටවීම් වැනි රෝග ලක්ෂණ මතුකරමින් ඇතිවිය හැකි අතර, එවන් ලක්ෂණ පවතී නම් වහාම ළඟම ඇති ළය චිකිත්සාගාරයට ගොස් පරීක්ෂා කරවාගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

ක්ෂය රෝගය හඳුනාගැනීම සඳහා ඉතා උසස් මට්ටමේ රසායනාගාර පරීක්ෂණ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පවතින බැවින් රෝගය සහිත යැයි තහවුරු වුවහොත් මාස හයක් නොකඩවා වහාම ප්‍රතිකාර ලබාගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවත්, ප්‍රතිකාර ලබාගන්නා අයෙකුගෙන් රෝගය කිසිම කෙනෙකුට බෝ නොවෙන බැවින් ඉහත කී ලක්ෂණවලින් බියපත්ව රෝගය සඟවා නොසිට වහා ක්‍රියාත්මක වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More