පුරවැසි කොලම

ලංකාවට පමණක් නොව ලෝකයටම බලපා ඇති වසංගත තත්වයක් හමුවේ තරාතිරමක් නොමැතිව අවනත වන්නට සිදුව ඇත.

මේ හමුවේ ලංකාවේ ද සෞඛ්‍ය හා ආරක්ෂක අංශයේ උපදෙස් මත සිදු කිරීමට කටයුතු කර ලදි. කොරෝනා ආසාධිතයන් මිය ගිය පසු නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු කරන්නට ඇතැම් ජාතිකයන් විරුද්ධවුවද සිදු කෙරුනේ නිරෝධායන නීතියට අනුව සියල්ල පොදු යන්න තහවුරු කිරීමටය.

තවද කොරෝනා නොහැදී මේ දිනවල කවුරු මිය ගියද දිනක් තුළ සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව සිදු විය. ඇතැම අවස්තාවල තම සමීපත්මයන්ට ද ඒඅවස්ථාවට සහභාගීවීමට නොහැකි විය. එය බෞද්ධයන් විදිහට අප එතරම් දෙයක් සේ නොසලකිය යුතුය.අන්ද මියගිය පසු කුමක් කළ ද කම් නැති බව අප දන්නා බැවිනි. මෙය ලංකාවේ ජාති ආගම් බේදයක් නොමැතිව සිදු විය යුතු දෙයක් ලෙස අප ද අනුමත කරන්නෙමු.

එහෙත් මේ සියළු ක්‍රම වේදයන් පසකදා පෙරේදා මිය ගිය ආරුමුගන් තොන්ඩමන් හිටපු අමාත්‍ය තුමගේ මරණයේ කටයුතු සිදු කිරීමට සූදානම්ව පවතී. එය සදාචාර සම්පන්න නොවන බව පළමුව කෙටියෙන්ම කිවයුතුය. ඒ සිදුවීම සිදු අවස්තාවේ සිට ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය මිනිසුන්ට යොදා ඇති සියළු නීතිවලට පටහැනිව බව ද කිවයුතුය.

මේ දිනවල මේ රටේ සම්භාවනීය ගෞරවනීය භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම අපවත් වූ අතර උන්වහන්සේලා මේ සමාජයට විශාල සේවාවක් කළ තුබුණි. ඒ සේවයට සරිලන ගෞරවාන්විත සමුදීමක් දීමට මහජනතාවට අතිශ්‍යය උවමනා වුවද පවතින තත්වය හමුවේ ඒ සියල්ල ඉතා චාම්ව හා පෙර සදහන් කළ පරිදි සෞඛාරාක්ෂිත් ක්‍රම අනුව සුළු පිරිසකගේ සහභාගිත්වයකින් සිදු කෙරිණි. එසේ වීම තුළ ද අප යහපත් මතයක් දරන්නෙමු.

මේ සියල්ල මෙසේ වෙද්දී තොන්ඩමන් මහතා මියගිය පසු රටේ ප්‍රධානීන් පවා ඒ නීති රීති නොතකා කටයුතු කළ බව අප දුටුවෙමු. එය වැරදි පූර්වාදර්ශයකි. එහිදී අනෙක් අයට ආචාර දැක්වීමට සිප වැලදගැනීම තහනම් කොට ඇති වකවානුවක රටේ ප්‍රධානීන් සිපවැලද ගැනීම හා ඒ හැසිරීම් මාධ්‍ය තුළින් දුටුවෙමු. එය සංවේදී අවස්තාවක් වුවද එය වැරදි පූර්වාදර්ශයකි. පොඩි මිනිසුන්ට පමණක් මේ සියල්ල ඇති බව මාතෘකාවට අවධානය යොමුකරන්නට තුඩු දුන් ප්‍රථම කරුණය. එමෙන්ම දේහය දින 5 ක් වැනි දීර්ඝ කාලයක් තබා ගෙන නිරෝධායන නීතිය විහිළුවක් කරන්නට යාමෙන් ආණ්ඩුවට ගල් ගසන්නට සිටින්නන්ට ගල් සපයා දීමක් සේ පෙනේ. එයටත් වඩා එය ද වැරදී පූර්වාදර්ශයක් වනු ඇත. වතුකරේට පමණක් සේවයක් කළ තොන්ඩමන් මේවා නොදනී.
මෙයින් වතුකරයේ ඡන්ද ගොඩ තමාට යොමු කරගැනීමට වැනි තුට්ටු දෙකේ අවශ්‍යතාවක් නම් ඇත්තේ ඒ ගැන එක පාරක් නොව දෙපාරක් සිතිය යුතුය. මෙවැනි ක්‍රියාවලින් ආදීනවයන් අප හොදින් අත්විද ඇත්තෙමු.

තව දෙයක් කිව යුතුය. තොන්ඩමන් නුවරඑළියේ දෙමල ජනතාවගේ වීරයෙක් මිසක් රටේ වීරයෙක් තියා මුළු රටේ ජනතාවට පොදු සේවයක් කළ අයෙකු සේ කිසි ආණ්ඩුවක කටයුතු කොට නැත. සත්‍ය නම් වතුකරේ ජනතාව පලිහක් කරගත්තා මිසක් වතුකරේ ජනතාවගේ ජීවිත නගාසිටුවන්න කළ දෙයක් නම් නැති බව පෙනේ. හැමදාම මොහු ආණ්ඩුව නියෝජනය කළේය. හැමද ඉන්දියාවේ ස්වාමිත්වය හා අවවාද අනුගමනය කළ බව නොරහසකි. ඔහුගේ හා ඔහුගේ ඡන්ද දායකයන් නඩත්තු කර ගැනීමේ වාසිය පමණක් සිතා වරින් වර පවතින ආණ්ඩුවට මුක්කු ගසා ලොකු කුට්ටියක් ගැනීම කළේය. එහෙව් පුද්ගලයෙක් හමුවේ අනවශ්‍ය වීරත්වයක් හා වැරදි පූර්වාදර්ශයන් සැපයීම අනාගතේ අනිටු ප්‍රතිඵල ගෙන දීමට හැකියාව පවතින බව සැකයක් බියක් අප තුළ පවතී.

දැන් ඔහු මියගොස් ඇත.මේ කිසිවක් දැන් ඔහු නොදනී ඔහු හා බැදුනු මතවාදයක් හා සමාජයක් පවතින බව පමණක් මතක් කර දෙන්නට කැමැත්තෙමි. ප්‍රභාකරන් මෙන් ඔහු වෙනම පාළනයක් ගැනීමට අවි අමෝරා නොමැති වුවද වතුකරේද යම් පාලන වෙනසක් පවතින බව සිහිපත් කරන්නෙමු.

💥මේ සියළු තත්වයන් තීරණය කොට කටයුතු කරත්වා….

💥වැරදි පූර්වාදශයන් සැපයූ සැමට මහ සඟරුවනේ අප්‍රසාදය මෙසේ ඵලකන්නෙමු.

💥කොරෝනා සම්පූර්ණයෙන් තුරන් වී නොමැති බව සියල්ලෝම මෙත් සිතින් සිහිපත් කරගනිත්වා….

💥 ජාතිවාදියෙක් හෝ දේශපාලන කෝණයෙන් මා දෙස නොබලත්වා…

තෙරුවන් සරණයි

Ven. Dehipe Chandawimala Himi



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More