විදේශ පුවත්

සූර්යාලෝකය මගින් විවිධ වස්තූන්ගේ පෘෂ්ඨයන් මතුපිට තැන්පත්ව ඇති කොරෝනා වයිරස විනාශ කළ හැකි බව එක්සත් ජනපදයේ ජෛව තර්ජන විශ්ලේෂණය හා ප්‍රතිචාර දැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි.

වානේ මතුපිටක් මත COVID19 වෛරසය අඩංගු ඛේටය හා වෛරසය සහිත වගා මාධ්‍යයන් තැන්පත් කිරීම මගින් විද්‍යාඥයන් විසින්  මෙය සොයාගෙන ඇත. මෙහිදී ආලෝක තීව්‍රතාවය වෙනස් කළ හැකි ලාම්පු ආධාරයෙන්, විවිධ තත්ත්ව යටතේ එම මාධ්‍යන්හි දී වෛරසයේ පැවැත්ම නිරීක්ෂණය කරන ලදී.

දහවල් සූර්යාලෝකයට අදාල වන තීව්‍රතාවයේ දී, වෛරසය මිනිත්තු 7 කටත් අඩු කාලයකින් මිය ගිය බව පෙනී ගියේය. වගා මාධ්‍යයේ ඇති වෛරසය මිනිත්තු 14 කදි විනාශ විය. මේ පර්යේෂණයේදී දුර්වල ආලෝක තත්වයන් හිදී පවා, සෙමින් වුවද කොරෝනා වෛරසය විනාශ වන බව විද්‍යාඥයන් හට අනාවරණය කර ගත හැකි විය.

මූලාශ්‍ර news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More