උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරෝ මහතා සමඟ ද ඊයේ (22 වැනිදා) පැවැති සාකච්ඡාව අසාර්ථක වීම නිසා වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කළේය.
ඒකාබද්ධ කමිටුව ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරු සහභාගි වී සිටියහ.
සිය ප්‍රධානම ඉල්ලීම වන හිලව් දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රතිචාරයක් නොලද හෙයින් වර්ජනය අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය.
මේ අතර විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්‌ඩල (ආචාර්යවරුන්) සඳහා මෙම මස වැටුප නොව පසුගිය මස වැටුපට සාපේක්‍ෂව සියයට 80 ක පමණ වැටුප් අත්තිකාරමක් පමණක් ලබා දීමට පරිපාලන නිලධාරීහු තීරණය කර සිටිති.
අධ්‍යයන කාර්ය මණ්‌ඩල වැටුප හෙට (23වැනිදා) ගෙවිය යුතු වන නමුත් අනධ්‍යයන හා විධායක නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් වැටුප් අත්තිකාරම් වුවද ගෙවීමට සිදු වන්නේ ලබන සතියේ බව විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්. කරීම් මහතා ඊයේ (22 වැනිදා) පැවසීය.
අනධ්‍යයන කාර්ය මණ්‌ඩල වැඩ වර්ජනයේ යෙදෙන හෙයින් ඔවුන්ට වැටුප් හිමි නොවන අතර එම ගැටලු විසඳන තෙක් විධායක නිලධාරීන්ද මෙම මස වැටුප නොගන්නා බව විධායක නිලධාරීන්ගේ සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිතව දැනුම් දී තිබේ.
පවතින ගැටලු සහගත තත්ත්වය යටතේ හැකි ඉක්‌මනින්ම වැඩවර්ජනයේ නොයෙදෙන කාර්ය මණ්‌ඩලවලට වැටුප් ගෙවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා චක්‍රලේඛයක් මගින් උපකුලපතිවරුන්ට දැනුම් දී ඇති අතර වැටුප් සඳහා අවශ්‍ය මුදල් ද මහාභාණ්‌ඩාගාරයෙන් විශ්වවිද්‍යාලවලට පෙරේදා (21 වැනිදා) එවා ඇත.
කෙසේ වුවද අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේද සහය ඇතිව වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන හෙයින් වැටුප් අත්තිකාරමක් හැර මෙම මාසය සඳහා වැටුප් ගෙවීමේ කිසිදු හැකියාවක් නැතැයි ද කරීම් මහතා කීවේය.
අත්තිකාරම් ගෙවීමේදී අධ්‍යයන කාර්ය මණ්‌ඩල ලබා ගෙන ඇති බැංකු ණය, වාහන කල්බදු සඳහා වන වාරික ගෙවීම් කිසිවක් සිදු නොකෙරෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.
ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපයන්ට විරෝධය පළ කරමින් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල ලේඛකාධිකාරී, මූල්‍යාධිකාරී ඇතුළු පරිපාලන තනතුරු දරන විධායක නිලධාරීහු ද ඊයේ (22 වැනිදා) සිට අද (23 වැනිදා) දක්‌වා වැඩ වර්ජනයක යෙදී සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...