රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ලිපි ශීර්ෂ නොමැතිවීම නිසා විදුහල්පතිවරුන් 280 දෙනකුගේ උසස්‌වීම් ලිපි නිකුත් කිරීමට නොහැකි වී තිබේ.
2 ශ්‍රේණියේ විදුහල්පතිවරුන් පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා සම්මුඛ පරීක්‍ෂණ පවත්වා අධ්‍යාපන අමාත්‍යාංශය සුදුස්‌සන්ගේ නාමලේඛනය අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතියට පසුගිය වසරේ යෑවූ අතර එම ලේඛනයට අනුමැතිය ලැබී ඇති නමුත් ලිපි ශීර්ෂ නොමැති නිසා උසස් කිරීමේ ලිපි නිකුත් කිරීමට නොහැකි වී ඇත. පසුගිය 2015 වසරේදී උසස්‌වීම් හිමි විය යුතු මෙම විදුහල්පතිවරුන්ට උසස්‌වීම් ලබාදීමේ සම්මුඛ පරීක්‍ෂණ අධ්‍යාපන අමාත්‍යාංශය පැවැත්වූයේද දෙවසරකට වැඩි කාලයක් ප්‍රමාදවය.
අධ්‍යාපන සේවා කමිටුවේ ලිපි ශීර්ෂ ගැටලුව නිසා උසස්‌වීම් තවදුරටත් ප්‍රමාද වන බවත් ලිපි ශීර්ෂ නොසලකා උසස්‌වීම් ලැබූවන්ගේ නාමලේඛනය අන්තර් ජාලයට එක් කරන ලෙස ඉල්ලා සිටි බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා පැවැසීය. ලිපි ශීර්ෂ ගැටලුවට හේතුවී ඇත්තේ රජයේ මුද්‍රණාලයේ ප්‍රමාදයකින් යෑයි ද හෙතෙම කීවේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...