චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා විය.
එය, එක් ලක්ෂ දහසය දහස් තුන්සිය දා හතරක්.
ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන පනස් නවලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
වත්මන් ලෝකය පුරා ඉතා බිහිසුණු ලෙස පැතිර යමින්, මිනිස් ජීවිත ලක්ෂ ගණනාවක් බිලිගනිමින් සිටින කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සිය සතුට පළකරන අයි එස් අයි එස් සංවිධානය එය සිය සතුරන්ට දෙවියන් ලබාදුන් දඬුවමක් බව පවසයි.
IS සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන අබු හම්සා අල්-කුරේෂි විසින් පටිගත කරන ලද එම පණිවිඩය ඔවුන්ට සහය දක්වන වෙබ් අඩවියක පළ කොට තිබුණි.
ඊයේ ලොව වැඩිම මරණ වාර්තා වුණේ අමෙරිකාවෙන් වන අතර එම ගණන 1,223 ක්.
ඒ සමග එරට සමස්ත මරණ ගණන 103,330 දක්වා ඉහළ ගියේය.
එරට සමස්ත ආසාදිතයින් ගණන 1,768,461 ක්.
මේ අතර නිව්යෝර්ක් ප්‍රාන්තයේ පමණක් සිදු වූ කොවිඩ් මරණ 30000 සීමාවට පැමිණ තිබේ.
කොවිඩ් නයින්ටීන් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ලතින් අමෙරිකාවේ විශාලතම රාජ්‍යය වන බ්‍රසීලයෙන් ඊයේ නව ආසාදිතයින් 24,151 ක් හඳුනා ගැනුණි.
ඒ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 438,812 දක්වා ඉහළ ගියේය.
ගතවූ පැය 24 තුළ සිදුවූ මරණ 1,067 ත් සමග වාර්තාවන සමස්ත මරණ ගණන 26,764 ක්.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන, ඇස්තමේන්තු කර ඇත්තේ මේ වසරේ කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් ලතින් අමෙරිකා සහ කැරිබියානු කලාපයේ මිලියන 14කට ආසන්න ජනතාවකට දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දීමට සිදු විය හැකි බවයි.
වරෙක කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එය 377 ක්.
අඛණ්ඩව 10 වැනි සති අන්තයටත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇතුළු එරට වැසියන් සෞඛ්‍යය සේවකයින් කරන්නාවූ මෙහෙය අගය කරමින් ඔවුන්ව තව තවත් දිරිමත් කිරීමට මෙලෙස එක්ව සිටියේය.
රුසියාවෙන් කොවිඩ් ආසාදිතයින් 379,051ක්, ස්පාඤ්ඤයෙන් 284,986 ක්, එක්සත් රාජධානියෙන් 269,127ක්, ඉතාලියෙන් 231,732ක් මෙන්ම ප්‍රංශයෙන් ආසාදිතයින් 186,238ක් වාර්තා වී තිබේ.
කොවිඩ්-19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටක් ලෙස පිළිගැනුණු දකුණු කොරියාවෙන් මාස දෙකකට ආසන්න කාලයකට පසුව විශාලම පොකුර ඊයේ හඳුනාගත් අතර එහිදි වෛරසය ආසාදිතයන් 58 දෙනකු හඳුනා ගැනුණි.
ඒ හේතුවෙන් රට පුරා පාසල් රැසක් නැවත වසා දමා ඇත.
මිලියන 2.8 ක ජනතාවක් වෙසෙන ඊසානදිග චීන නගරයකින් මූලාශ්‍රය හඳුනා නොගත් නව පොකුරක් වාර්තා වී ඇති අතර චීනය එමඟින් කොවිඩ් ආසාදිතයන්ගේ නව රැල්ලකට ගොදුරු වී තිබේ.
කොවිඩ් හේතුවෙන් චීනයේ සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 4,634 ක්.
මේ අතර ගත වූ පැය 24 තුළ අලුතින් මරණ 175 ක් වාර්තා වීමත් සමග ඉන්දියාව චීනයේ සමස්ත මරණ අබිබවා ගියේය.
ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 4,711 ක්.
හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 165,000 ඉක්මවයි.
ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ වලින් 24%කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත්තේ මුම්බායි නගරයේ.
මේ බ්‍රසීලයේ සහ ඉන්දුනීසියාවේ මෙන් මුම්බායි නගරය තුළ ද සමූහ මිනී වලවල් සකස් කරමින් පවතින ආකාරයයි.
මේ වන විට අප්‍රිකානු කලාපය තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපීය සංවිධානය පවසයි.
ඔවුන් පෙන්වා දෙන ආකාරයට පළමු ආසාදිතයන් 1000 වාර්තා වීමට දින 36 ක් ගත වී ඇති අතර ආසාදිතයන් ලක්ෂයක් වාර්තා වීමට ගතව ඇත්තේ දින 62 ක් පමණයි.
ප්‍රංශයේ කොවිඩ් ආසාදනය වූ පළමු සුරතල් සත්ත්වයා වන බළලෙකු වෛරසයෙන් පූර්ණ සුවය ලබා තිබේ.
මේ අතර කොවිඩ් අනතුර ක්‍රමයෙන් පහව යමින් පවතින එරට ප්‍රමුඛතම සංධ්වනි වාද්‍ය වෘන්දයක් පසුගියදා පැරිස් නුවර ඉදිරිපත් කළ ප්‍රසංගයක් කාගේත් වැඩි අවධානයක් දිනාගත්තේය.
එරට දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇතත් තවමත් මහජන රැස්වීම් තහනම් පසුබිමක ප්‍රසංගය පැවැත්වෙන අතරතුර ප්‍රේක්ෂකාගාරය හිස්ව පැවතියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...