ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහතා කටයුතු කර ඇති බව අමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.
” බ්ලැක් ලයිව්ස් මැටර්” නම් සංවිධානයක් විසින් කැඳවා තිබූ සාමකාමී උද්ඝෝෂණය ක්‍රම ක්‍රමයෙන් ප්රචන්ඩත්වය කරා වර්ධනය වීම හේතුවෙන් මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බව නගරාධිපතිවරයා මාධ්‍යයට පැවසීය.
නිරායුධ අමෙරිකානු කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමත්තා සුදු ජාතික අමෙරිකානු පොලිස් නිළධාරියෙකු විසින් ගෙල සිරිකර මරා දමන දර්ශන සමාජ මාධ්‍යය ජාලා මගින් ප්‍රචාරය වීමත් සමඟම අමෙරිකාවේ වෙසෙන කළු ජාතිකයන් අතර ඇතිවු නොසන්සුන්තාවය හේතුවෙන් ඇතිවූ විරෝධතාවයන් හතරවෙනි දවස දක්වා දිග් ගැසී ඇති බව එරට මාධ්‍යය වාර්තා කර සිටී.
විරෝධතාවයන් අතර තුර විරෝධතාකරුවන් විසින් පොලිස් මුර සංචරන රථ වලට ගිනි තැබූ අතර පොලිසිය විසින් විරෝධතාකරුවන් 500ක් පමණ අත් අඩංගුවට ගත් බවද ලොස් ඇන්ජලිස් පොලිසිය පවසයි.
ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com
මූලාශ්‍ර – www.rt.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...