1952 සැප්තැම්බර් 15 උපන් අද මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් ලෙස අප දන්නා පුද්ගලයා එසේ මෙසේ අයෙකු නොවේ. කටුබැද්ද විශ්ව විදද්‍යාලයෙන් 1975දී විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධිය ලැබූ ඔහු 1977 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් විදයුත් යන්ත්‍ර සහ බලශක්ති ක්‍රමවේද පිළිබද විද්‍යාපති උපාධිය ලැබීය. 1983දී විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර ගණනය පිළිබද ආචාර්ය උපාධිය ලැබුවේ කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙනි. එනම් මහාචාර්ය හූල් යනු හොද මීටරයකි.
දැනට ඇමරිකන් පුරවැසියෙකු වන මහාචාර්ය හූල්ට ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවයද ලැබී ඇත. ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ විද්‍යුත් සහ පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරන ඔහුගේ වර්තමාන ස්ථිර ලිපිනය වන්නේ Engineering Building 428 S. shaw Lane Room 3512 East Lansing MI 48824-1226 වන අතර ශ්‍රී ලංකාවේ ඇන්ගිලිකන් පල්ලියේ සාමාජිකයෙකි.
තම ආචාර්ය උපාධියෙන් සෑහෙන කලකට පසු 1999දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයට මහාචාර්ය වරයෙකු ලෙස එක්වු මහාචාර්ය හූල් 2003 වසරේදී එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස පත්විය. ඉන්පසු වර්ෂ 2003 සිට 2006 දක්වා කාලය තුළ ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කලේය. මේ අතර “යහපාලනය සදහා වු මහජන ව්‍යාපාරය-Citizens’ Movement for Good Governance (CIMOGG)” නම් සංවිධානයටද ක්‍රියාකාරීව සම්බන්ධව කටයුතු කළ අතර එම සංවිධානය විසින් “විශ්ව විද්‍යාලවලට කෙරෙන පත්වීම්වල සාධාරණ/අසාධාරණ බවත් ඒවායේදී සිදුවන වංචාවන් පිළිබදවත් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම” සිදුකරන ලදි. විශ්ව විද්‍යාලවල කෙරෙන පත්වීම්වල සෘජු වගකිවයුත්තා වන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයෙකුව හිදිමින් තමාගේ ද දායකත්වයෙන් ගන්නා සහ ගතයුතු තීරණවල වලංගුභාවය ප්‍රශ්න කරන රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කිරීමේ ඇති පරස්පරය සම්බන්ධයෙන් පේරාදෙනිය විශව විද්‍යාලය විසින් මහාචාර්ය හූල්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන තත්වයට මෙම පරස්පරය නොසළකා හැරිය නොහැකි එකක් විය.
ඔහුගේ මෙම ස්වභාවය අදටද වෙනසක් නැතිව පවනින බව පැහැදිලි වනුයේ ඔහුද සාමාජිකයෙකුවන මැතිවරණ කොමිසමේ යම් යම් තීරණ සම්බන්ධයෙන් ඔහු වෙනම අධිකරණයට ගොස් විරුද්ධව/වෙනස්ව කරුණු දැක්වීමෙනි. එනම් මේ දැක්වෙනුයේ සෑමවිටම සාමූහික තීරණ පිළිබද වගකීම ආරක්ෂා නොකිරීමත්, ඔහු වගකිවයුතුවන සහ ඔහුද මැදිහත්ව ගනු ලබන තීරණ සම්බන්ධයෙන් වෙනත් මාර්ගයකින් ගොස් යළි ප්‍රශ්න කිරීමත් ඔහුගේ මූලික ස්වභාවයක් වූ බවද?
අවසානයේ 2006දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය හැර දැමූ මහාචාර්ය හූල් ට යාපනය විශ්ව විද්‍යාලයේ සෙනෙට් සභාවේ සාමාජිකයෙකු ලෙස යළි පත්වීම ලැබුණු අතර 2006 මාර්තු මාසයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මහාචාර්ය හූල්ව පත්කරන ලදි. මේ පත්කිරිමත් සමගම ඔහුට කොටි සංවිධානයෙන් මරණ තර්ජන එල්ල වූ අතර “හිස නැතිව-පෙට්ටියක” ඔහු ගෙදර යවනු ඇති බවට දන්වා සිටින ලදි. තම තනතුරේ රාජකාරි භාරගැනීමට නියමිතව තිබූ 2006 මාර්තු 15 දින රාජකාරි භාර නොගත් මහාචාර්ය හූල් යාපනයෙන් පිටත රාජකාරි කිරීම විකල්පය ලෙස තෝරා ගත්තේය. ඒ අනුව වවුනියා විශ්වවිද්‍යාලයේ ප්‍රධානී ලෙස කටයුතු කිරීම ආරම්භ කළද කොටි සංවිධානයේ තර්ජනයන්ගේ අඩුවක් නොවූ බැවින් 2006 අප්‍රේල් 20 දින ශ්‍රී ලංකාව හැරදමා විදේශගතවිය.
මහාචාර් හූල්ගේ විදේශගතවීමට පූර්ණ පහසුකම් සළසා ඇත්තේ ඇමිනෙස්ටි ජාත්‍යන්තරයයි. මහාචාර්ය හූල්ගේ සරණාගත ලිපිගොනු අංක UA 89/06 (ASA 37/010/2006 යටතේ ඉදිරිපත් කළ ඔවුන්ගේ 2006 අප්‍රේල් 25 දාතමින් යුත් වැඩිදුර වාර්තාවේ “ආරක්ෂාව පිළිබද බිය” නමැති සටහනෙහි මේ බව දක්වා තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙනුයේ “පළමු අවවාදය” ලෙස මහාචාර්ය හූල්ට ලැබුණු විද්‍යුත් ලිපියක් මගින් ඔහුට “රටින් පිටව ගිය පසු” මරණ තර්ජනයක් ලැබුණු බවයි. අදාල මරණ තර්ජනය කළ පුද්ගලයා පිළිබදව සෙවිමට හෝ ඒ පිළිබදව පැමිණිලි කිරීමටවත් මහාචාර්ය හූල් කටයුතු කළ බවක් එහි සදහන් නොවේ. නමුත් “විදේශගතවීමෙන් පවා පසු” ඒ “ලැබුණාය කියන” මරණ තර්ජනය සහිත විද්‍යුත් ලිපිය මහාචාර්ය හූල්ට අවශ්‍ය පහසුකම් සැළසීම තහවුරු කිරීමට නම් ප්‍රමාණවත් වී ඇත. අදාල වාර්තාවේ මෙසේ ද දැක්වේ.
“Professor Ratnajeevan Hoole and his family left Sri Lanka on 20 April and are now safe in another country. He thanked Amnesty International members for sending appeals on their behalf.
The day after he left Sri Lanka, Professor Hoole received an email entitled “Warning 1” from a man called Ratnarajah Thivakaran, whom he does not know, saying “we are making arrangements to kill you, if you interest in your spirit, try to leave the country as early as possible”
මේ කාලය, බොහෝ පුද්ගලයන් තමාට කොටි සංවිධානයෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි කියමින් මෙන්ම ආරක්ෂක හමුදාවන්ගෙන් මරණ තර්ජන එල්ල වි ඇතැයි ද කියමින් තම අනාගත අභිවෘද්ධිය සදහා විදේශයන්හි රැකවරණ ලබාගැනීම සුලභව සිදු කළ කාලයකි. එසේම කොටි සංවිධානය විසින්, යමෙකු විදේශගතව සිටිමින් සංවිධානය වෙනුවෙන් කටයුතු කළ යුතුයයි තීරණය කළ පසුව, ඒ තැනැත්තා විදේශ ගත කරවීමට යොදාගත් සරල සහ ලාබදායක ක්‍රමයක් වූයේද මෙවැනි තර්ජන එල්ල කිරීමයි. එහිදී විදේශ ගතවන පුද්ගලයාට යැපීම් මාර්ගයක් අදාල රටේ රජය විසින් සළසන අතර ඔහුට කොටි සංවිධානය වෙනුවෙන් කටයුතු කිරීමට තම පුර්ණ කාලයම යෙදවිය හැකි වේ. කෙසේ වෙතත් මහාචාර්ය හූල්ගේ මේ විදේශ ගතවීම එවැනි සංවිධානාත්මක අවශ්‍යතාවක් මත සිදුවූ එකක් බවට තහවුරු වී ඇතැයි මින් අදහස් නොවේ.
කොටි සංවිධානය මුළුමනින් ම පරාජයට පත්කිරීමෙන් පසු වර්ෂ 2010දී මහාචාර්ය හූල් යළි ලංකාවට පැමිණියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ වනවිට යාපනය විශ්ව විද්‍යාලයට අලුතින් ඉංජිනේරු පීඨයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටි අතර මහාචාර්ය හූල්ට එහි සම්බන්ධීකරණ කටයුතු පැවරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ සුදුස්සාගෙන් සුදුසු කාර්යය කරගැනීමටත් සුදුස්සාට සුදුසු තැන ලබාදීමටත් කටයුතු කරන නායකයකු වශයෙනි. මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට ද නැවතත් මහාචාර්ය හූල් අයදුම් කළ නමුත් ඒ සදහා පැවති කවුන්සිල ඡන්ද විමසීමෙන් මහාචාර්ය හූල් පරාජයට පත්විය. කෙසේ වෙතත් මහාචාර්ය හූල් සම්බන්ධයෙන් සටහනක් තබන ටැමිල් නෙට් පවසන්නේ උප කුලපති ධුරය ලබාගැනීම අසාර්ථක වූ පසු මහාචාර්ය හූල් ශ්‍රී ලංකා රජය විවේචනය කිරීමට කටයුතු කළ බවයි.
මේ අතර 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඊපීඩීපී සංවිධානයට එරෙහිව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කොට ප්‍රසිද්ධියට පත් කරන ලදි. මේ වාර්තාව අසත්‍ය සහ ද්වේෂ සහගත බව ප්‍රකාශකරමින් ඩග්ලස් දේවානන්දා මහතා විසින් පොලිසියට පැමිණිලි කරන ලදුව මහාචාර්ය හූල් 2011 අගෝස්තු මස 02වන දින පොලිසියට ප්‍රකාශයක් ලබාදිමෙන් පසු අගෝස්තු මස 04වන දින කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට දැනුම් දෙන ලදි. නමුත් අදාල දිනයේදී අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් සාමාන්‍යයෙන් සිදුවන පරිදි මහාචාර්ය හුල්ට වරෙන්තු නිකුත් කළ අතර එය අධිකරණ ක්‍රියාවලියේදී සමාන්‍යයෙන් සිදුවන කටයුත්තක් මිස මහාචාර්ය හූල් පමණක් ඉලක්ක කර සිදුවූවක් නොවේ.
නමුත් අධිකරණයට ඉදිරිපත් වී වරෙන්තුව ආපසු කැදවාගෙන අධිකරණ කටයුතු සදහා සහය වීම වෙනුවට මහාචාර්ය හූල් කළේ වහා රටින් පලා යාමය. ඒ පළා යාම ඔහු අර්ථ ගැන්වූයේ “අත්අඩංගුවට ගැනීමට පෙර විදේශ ගත වීම” ලෙසිනි. තමන් විසින් ම අධිකරණ ක්‍රියාවලිය මගහැරි බව හෝ අධිකරණය විසින් ඔහුගේ ම දෝෂයක් හේතුවෙන් එනම් අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් “ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර ඇති බවක්” ඔහු හෙළි නොකරයි. මේ බව ඔහු විසින්ම “ද හින්දු” පුවත්පතට විද්‍යුත් තැපෑලක් යවමින් සදහන් කර තිබිනි. ඒ මෙසේය.
“Yes, I left through Colombo airport for London before I am arrested. I will work in the U.S. till lawyers can sort this out for me,” he told The Hindu via e-mail,”
කෙසේ වෙතත් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහාචාර්ය හූල් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සදහා නිකුත් කළ වරෙන්තුවට ගරු කරමින්, එම නඩුවට මහාචාර්ය හූල් ඉදිරිපත්ව අදාල වරෙන්තුව ආපසු කැදවූ බවක් මෙතෙක් වාර්තා වී නොමැත. යම් හෙයකින් එම වරෙන්තුව ආපසු කැදවා නැතිනම් මහාචාර්ය හූල් යනු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව ඇති තවත් එක් වරෙන්තු කරුවෙකුද වන්නේ ය. ඒ සදහා දැන් ඔහු දරණ ඇමරිකානු පුරවැසිභාවය මුක්තියක් වන්නේ නැත.
මේ ඉහත දැක්වූ මහාචාර්ය හූල් පසුගිය අප්‍රේල් 18 වනදා පළ කළ ලිපියක මෙසේ සදහන් කර තිබුනි. “මැතිවරණ කොමිසමේ රැස්වීම ගැන මට දැනුම ්දුන්නේ 16 වෙනිදා. රැස්වීම නියමිත 20 වෙනිදාට. වෛද්‍ය පරීක්ෂනයක් හරහා මට කොවිඩ් නැති බව තහවුරු කරගන්නත් ඇදිරි නීති බලපත් ලබා ගන්නත් මට මේ කාලය හොදටම මදි.” මේ සා උනන්දුවෙන් කොවිඩ් සම්බන්ධයෙන් පරිස්සම් වූ මහාචාර්ය හූල්, තම දියණිය නිරෝධායනය අතරතුර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට ගෙන්වාගෙන කළ කලබැගෑනිය මුළු රටම දැනගත්තේ ය.
එපමණක් නොව “හිස නැතව ගෙදරට” ලෙසින් කොටි සංවිධානයෙන් තර්ජන පැවතියේ යැයි කියා රටින් පළාගිය මහාචාර්ය හූල් එම ලිපියේම දක්වා තිබුනේ “දෙමළ ජනතාව සමුලඝාතනය කළ බවට චෝදනා ඇති වත්මන් යුද හමුදාපතිවරයා සමග මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට පවා ඔහු බිය වන බවයි. ඔහු අද යළි මෙරටට පැමිණ සිටින්නේ ඔහුට මරණ තර්ජන එල්ලකළ කොටි සංවිදානය පරාජය කළ නිසා බවත් ඒ සදහා කැපවූයේ යුද හමුදාව බවත්, ඒ සියල්ලටමත් වඩා ඔහුද ඇතුළු දෙමළ ජනතාවටද මරණයත් මරණ තර්ජණත් උරුම කළේ හමුදාව නොව කොටි සංවිධානය ය යන්නද ඔහුට අමතකව ගියා සේ ය.
මේ මහාචාර්ය හූල් විනිශ්චය කිරීමක් නොවේ. ඔහු පිළිබද හැදින්වීමක් පමණි. ඒවායින් කවරක් ධන ද කවරක් සාණ ද යන්න තීරණය කිරීම ද ඒ අනුව අවසාන ගිණුමේ ශේෂය පිළිබද තීරණය කිරීම ද පාඨකයාට භාර කාරණයකි. නමුත් පරස්පරයන්ගෙන් පිරි යමෙක් මහජන මුදලින් නඩත්තු වෙමින් සමාජ පැවැත්මට අතිශය බලපෑම් කරන සංවේදී තනතුරක කටයුතු කරමින් තම පරස්පරයන් කුමන හෝ හේතුවක් මත පවත්වාගෙන යන්නේ නම් එය යළි සළකා බැලිය යුතු තත්වයක් බව නම් සටහන් කර තැබිය යුතුය.
-කපිල ගමගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...