අමාත්‍ය එස්. බී දිසානායක මහතාගේ ඡන්දය හොරාට දා තිබෙන බව ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂය මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ මැති සබයේ විරෝධය පළකිරීම නිසා දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිවිය. පක්ෂනායක රැස්වීමක් කැඳවීමටද කථානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය.
සක්‍රිය බැරකම් පනත සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදකර අද සවස සම්මත කරගැනීමට යාමේදී ඒකාබද්ධ විපක්ෂය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටින ලදී. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසීම සිදුකළ අතර පක්ෂව ඡන්ද 51 ක්ද විරුද්ධව ඡන්ද 33 ක්ද ලැබී තිබුණි. එස්. බී. දිසානායක අමාත්‍යවරයා සභාවේ නොසිටියත් ඔහු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව රුපවාහිනී තිරයේ සඳහන්ව තිබුණි. මීට ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළ කිරීම නිසා උණුසුම් කාරී තත්ත්වය ඇතිවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...