අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාවට යමෙකු විරුද්ධවෙනවානම් එම පුද්ගලයා ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර වංචාව අනුමත කරන කෙනෙකු වශයෙන් අනිවාර්යයෙන්ම ඉතිහාසගත වන බවත් එය අපරාධ නඩුවකට ලබාදෙන එකඟතාවක් වශයෙන් හැදින්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
මේ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ආගමික නායකයින් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වෘත්තිය සමිති ඇතුළු සමාජ බලවේග රැසක් ඉදිරි දින කිහිපයතුළදී විශාල මතවාදයක් රට තුළ ගොඩනැගීමට සුදානමින් සිටින බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...