ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ දේපළ බදුදීමෙන් ලැබිය යුතු රුපියල් කෝටි හාරදහස් හත්සියයක මුදලක් අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුවද මෙතෙක් අපොහොසත් වී ඇති බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය ගණනය කර ඇත.

ඉඩම් සහ දේපළ බදුදීම විධිමත් ආකාරයෙන් සිදුනොකිරීම, බදු කාලය ඉවත් වූ පසු පිරිස් ඉවත්ව නොයෑම සහ විධිමත් ඉඩම් සංගණනයක් නොකිරීම නිසා මෙම බදු මුදල අහිමි වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ නිවැරදි වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉඩම් අංශය තුළද නොමැත. බහුතර ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන්ද විවිධ වැඩ කටයුතු සඳහාද අත්පත් කරගෙන තිබේ. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම ​තොරතුරු අනාවරණය විය. බදු මුදල් අය විය යුතු කාලසීමාව පිළිබඳවද දත්ත අමාත්‍යාංශය හෝ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නැත. එම නිසා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ විධිමත් සංගණනයක් පවත්වන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. තවද බදු මුදල් අයකර ගැනීමද විධිමත් කරන ලෙස අමාත්‍යවරයා මගී ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More