දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව හා විරුද්ධව බහුතරය තහවුරු කරගැනීමේ රහස් සාකච්ඡා ඇතුළු සියළුම මෙහෙයුම් මේ වන විට ආරම්භ වී තිබේ.

ඇතැම් සාකච්ඡා දුරකථන ඇමතුම්වලින් තොරව ඉතා රහසිගත ස්ථානවල හමුවී සාකච්ඡා කරන බවත් ඇතැම් සාකච්ඡා වයිබර් වට්ස්ඇප් තාක්ෂණික මාර්ගවලින් වැඩි ආරක්ෂාවට සිදුකරමින් සිටින බවත් ඒකාබද්ධ විපක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයෝ දෙදෙනෙක් ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 56 දෙනාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවටපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු පැවසීය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ 25 දෙනෙකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ද විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට සුදානමින් සිටින බවද එම නියෝජිතයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු අප සමග පැවසුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පකිසිතානු සංචාරය නිමවා පැමිණි පසුව මෙම විශ්වාසභංග යෝජනාව ගැන තවදුරටත් සාකච්ඡා කරන බවයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 39 දෙනාම වාගේ මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමට බොහෝදුරට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

මීට අමතරව වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළු සුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් සමගද විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය වෙනුවෙන් සිදුකරනු ලබන සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවද එම නියෝජිතයා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරය දරණ ආණ්ඩුවක තවදුරටත් සිටීමට නොහැකි බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 35 දෙනෙකු පමණ අත්සන් කරන ලද ලිපියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ වන විට යොමුකර තිබෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේෂඨ නියෝජිතයා සදහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජේෂඨ නයෝජිතයෙකු අප කළ විමසීමකදී කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයෝජනාව අනිවාර්යයෙන්ම පරාජයට පත්වන බවයි.

වතුකරයේ දේශපාලන පක්ෂ සහ මුස්ලිම් දේශපාලන නියෝජිතයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළකර තිබෙන බවද එම නියෝජිතයා සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් 8 දෙනෙකු පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැකිවීමට සුදානමින් සිටින බවත් එම පිරිස් සමග සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද එක්සත් ජාතික පක්ෂයේ එම ජේෂඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු කටයුතු නොකරන බවද එම නියෝජිතයා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More