නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇමරිකාව පුරා පැතිරෙන විරෝධතා මැඬලීම සඳහා දැඩි ලෙස සන්නද්ධ වූ හමුදා යෙදවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තිරණය කර තිබේ.
වොෂින්ටනයේ එලෙස ජාතික ආරක්ෂක බලකායේ භටයිනි යොදවන බව ඔහු කියා සිටියේ ධවල මන්දිරය ආසන්නයේ ගොඩනැගිලි සහ ස්මාරක රැසක් විරෝධතාකරුවන් විසින් ගිනිබත් කිරීමෙන් අනතුරුවය.
දැන් පැන නැගී ඇති විරෝධතා රැල්ල ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දස දහස් සංඛ්‍යාත සන්නද්ධ හමුදා කලහකාරීන්, කොල්ලකරුවන් සහ දේපළවලට හානි කරන පුද්ගලයින් වැළැක්වීමට යොදවන බව කියා සිටියේය.
එමෙන්ම, මෙම විරෝධතා දැඩි දඬුවම් විඳීමට සිදුවන අපරාධ ක්‍රියා ලෙස ධවල මන්දිරය ආලින්දයේ පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, අවට විරෝධතාකරුවන්ට එරෙහිව පොලීසිය කඳුළු ගෑස් සහ ආලෝක බෝම්බ යොදා ගැනීමේ හඬ පසුබිමෙන් ඇසෙද්දීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...