ආචාර්ය ලීසා මැකෙන්සි කම්කරු පංතියේ ශාස්ත්‍රඥයෙකි. නොටින්හැම්ෂයර් හි, ගල් අඟුරු කැණීම ජීවනෝපාය කරගත් නගරයක හැදී වැඩුණු ඇය 1984 දී සිය පවුල සමඟ පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජනය හරහා දේශපාලනයට සම්බන්ධ විය. වයස අවුරුදු 31 වන විට ඇය නොටිංහැම් විශ්ව විද්‍යාලයට ගොස් සමාජ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තාය. ආචාර්ය මැකෙන්සි Durham විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ දේශන පවත්වන අතර ‘Getting By: Estates, Class and Culture in Austerity Britain.’ කෘතියෙහි කතුවරයා ද වේ. ඇය දේශපාලන ක්‍රියාකාරිනියක්, ලේඛිකාවක් සහ චින්තකයෙකි.
පසුගියදා ඇමරිකානු පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇය පළ කළ අදහස් පහතින් දැක්වේ.
මෙම ඝාතනයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් තවත් කැරලි රැල්ලක් එක්සත් ජනපදය පුරා ඇති වී තිබේ. කැරලි කෝලාහල යනු පිළිතුරක් නොවන බවත්, පිළිතුර ඡන්දය ප්‍රකාශ කිරීම යනුවෙන් පවසන අයට මා හට දීමට ඇති උත්තරය වන්නේ, දුප්පත්, කළු, කම්කරු පංතියේ ඇමරිකානුවන් හට ඡන්දයකින් සාධාරණයක් ඉටු නොවන බවයි.
1851 දී ටෙක්සාස් හි උපත ලැබූ ලුසි පාර්සන්ස්, කම්කරු පංතියේ විප්ලවවාදී සහ අරාජිකවාදි ක්‍රියාකාරිණියකි. ඇය අප්‍රිකානු ඇමරිකානුවක වූ අතර, ස්වදේශික ඇමරිකානු සහ මෙක්සිකානු සම්භවයක් සහිත තැනැත්තිය කි . වසර 1920 ගණන්වල චිකාගෝ පොලිසිය විසින් ඇයව “කැරලිකරුවන් දහසකට වඩා භයානක තැනැත්තියක” ලෙස ලේබල් කරන ලදී. මන්ද? එක්සත් ජනපදයේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය, කම්කරු පන්තිය වෙනුවෙන් ක්‍රියාත්මක නොවන බව ඇය පිළිගත් බැවිනි. 1885 දී චිකාගෝ හි පැවති රැලියකදී හමුදාව විසින් වැඩ වර්ජිත කම්කරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමෙන් පසු ඇයව හමුදා භාරයට පත්කර ගන්නා ලදී.
අද මම ලියන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය වෙනුවෙනි. විශේෂයෙන් එක්සත් ජනපදයේ වැසියන් අද වන විට වීදි බැස , ඔවුන්ගේම ආණ්ඩුවේ, ව්‍යවස්ථාදායක ක්රමයේ, ආර්ථික ක්රමයේ සහ ඔවුන්ගේ රාජ්‍යයේ කුරිරුකමට එරෙහිව සටන් වදින බවයි. ඇමරිකානුවන් මිලියන තිහක් රැකියා විරහිත වන්නේ කොරොන වයිරසය නිසා නොව, රටේ පද්ධතිය ජාතිවාදයට, ධනවාදයට දායකත්වයක් නොදක්වන අය ගැන සැලකිල්ලක් නොදක්වන බැවිනි. ජාතිවාදය හා ධනවාදය ඔවුන් රැක ගන්නේ අවම බලයක් සහිත තමන්ගේම වැසියන් හිංසාවට පත් කිරීම මගිනි.
ඇමරිකානුවන් මිලියන 30 ක් ඔවුන්ගේ සුභසාධනය සඳහා සුළු හෝ අඩු රාජ්‍ය ආධාරයක් නොමැතිව රැකියා විරහිතව සිටින බවට වූ පුවත, ඔවුන්ගේ පුරවැසියෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පසුගිය සතියේ මිනියාපොලිස්හි වීදියකදී ප්‍රසිද්ධියේ ඝාතනය කිරීම අභිබවා ගොස් ඇත. කෙසේ නමුත් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමට ඔහු සිදු කළ අපරාධය වන්නේ, ඇමරිකාවේ කළු, කම්කරු පංතියේ මිනිසෙකු වීම පමණි.
එහි ප්‍රතිඵලයක් ලෙස කළු හා සුදු කම්කරු පංතියේ ජනතාව පාරට බැස විරෝධතා දැක්වූ අතර, ප්‍රචණ්ඩතා නිසා සිදුවී ඇති හානිය ඉතා විශාලය. ඒය අප කම්පනයට පත් කරන නමුත් අනපේක්ෂිත නොවේ. තමන් වෙනුවෙන් කිසිදා පිළිතුරක් නොමැති පද්ධතියක් සහ දේශපාලන ව්‍යුහයක් රට තුළ ක්‍රියාත්මක වන විට සහ සෑම වසර හතරකට වරක් ඡන්දය දීම මගින්ද එම ක්රමයේ කිසිදු වෙනසක් සිදුනොවන පරිසරයක ඔබේ එකම දේශපාලන විකල්පයන් ඇත්තේ ඡන්ද මධ්‍යස්ථාන වලට වඩා වීදිවල ය. එවැනි අවස්ථාවක කැරලි කෝලාහල ,රාජ්‍ය දේපළවලට එරෙහි හිංසනය නීත්‍යානුකූල වෙයි.
මිනිසුන් යුක්තිය ඉල්ලා සිටින බවත්, ඝාතකයින් අත්අඩංගුවට ගැනීම දැකීමට අවශ්‍ය බවත් තේරුම් ගත හැකිය. නමුත් අපි අවංකව ගතහොත්, මෙහි අපරාධකරුවා වන්නේ, එක්සත් ජනපදයේ රජය විසින් අනුග්‍රහය දක්වන ලද සිය ගණනක් අප්‍රිකානු ඇමරිකානු මරණ වලට වගකිව යුතු වන, ඔවුන්ගේම පරිපාලනයයි. සමහරෙකු පවසන්නේ ‘නිවැරදි’ පුද්ගලයාට ඡන්දය දීම පිළිතුර බවයි, නමුත් එම ‘නිවැරදි’ පුද්ගලයා නියෝජනය කරන්නේ වැරදි ක්‍රමයයි.
පවතින ක්‍රමය පිළිබඳව නූගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දොස් පැවරීම පහසු සහ කම්මැලි ය. මම මෙම සහයෝගීතාවයේ සටහන ලියන්නේ, මම ඇමරිකානුවෙකු නොවන නිසා හෝ කළු ජාතිකයෙකු නිසා නොවේ. නමුත් මම එක්සත් රාජධානියේ කම්කරු පංතියේ කාන්තාවක් වන අතර, අවම බලයක් ඇති අයගේ හිංසනය මධ්‍යයේ ක්‍රියාත්මක වන තවත් ක්රමයක ජීවත්වන නිසාය.
මට මෙයට පැහැදිලි හා නිශ්චිත පිළිතුරු නොමැත. ඇත්තේ කෝපයක් හා දුකක් පමණි. එය අපරාධ සිදුකරන අය කෙරෙහි පමණක් නොව, ප්රජාතන්ත්රවාදී හෝ සාධාරණ නොවන මෙම ක්‍රමය ආරක්ෂා කිරීමට උත්සාහ කරන සියලු දෙනා කෙරෙහි ය.
අද මට ලොව පුරා පීඩිත ආණ්ඩු වලට එරෙහිව සිය ජනතාව වෙනුවෙන් සටන් වදින අයට උපහාර දැක්වීමට අවශ්‍යය ය. විශේෂයෙන් එක්සත් ජනපදයේ ජනතාවට ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදය බොරුවක් බව පසක් වී අවසන් ය. ඔවුන්ට අවශ්‍ය වෙනස ළඟා කර ගැනීමට අවශ්‍ය ආදරය හා සහයෝගිතාවය පැමිණිය යුත්තේ ඔවුන්ගේම ජනතාවගෙන් පමණි.
මගේ වීරයා වන ලුසි පාර්සන්ස් මට පෙර කළාක් මෙන්, මූලික සමාජීය වෙනසක් සිදුවිය හැක්කේ “ඡන්ද හිඟමනෙන් හෝ දේශපාලන ව්‍යාපාරවලින්” නොවන බව මම ප්‍රකාශ කර සිටිමි. සියල්ලන්ටම හුස්ම ගැනීමට අවකාශය අවශ්‍යය ය.
පරිවර්ථනය : ආචාර්ය ජගත් චන්ද්රවන්ශ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...