ඇමෙරිකා එක්සත් ජනපදයේ හුස්ම හිරවන බවට තමන් බියක් දැනෙන බව එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මේ වන විට ලොවපුරා ආන්දෝලනාත්ක කතාබහකට ලක්වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන්ව තිබුනේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් තමන් සහ බිරිඳ වන ලාරා බුෂ්ද මහත් සංයේගයට පත්වුන බවයි.
කෙසේවෙතත් අදාල නිවේදනය මගින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් නොකළද කළු ජාතිකයන් ඉලක්ක කරගනිමින් සිදුවන තර්ජන සහ හිරිහැර ‘‘දැවැන්ත අසමත්කමක්’’ බව සඳහන් කර තිබුණා.
තවද විරෝධතාකරුවන් වඩාත් යහපත් අනාගතයක් වෙනුවෙන් පාගමනේ යද්දි ඔවුන් ආරක්ෂා කිරීම නීතිය ක්‍රියාත්මක කරවන්නන්ගේ වගකීමක් බවත් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...