ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවීමට නොහැකි පළාත්පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය ලාබාදීමට, පක්ෂය විසින් උපදෙස් දී ඇතැයි බස්නාහිර පළාති ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසවා. ඔහු මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ පළාති පාලන ආයතනවලට, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත්වූ නියෝජිතයින් දිවුරුම් දීමේ උත්සවයට පසුගියදා සහභාගී වෙමිනි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අපේ පක්‍ෂයේම කොටසක්. අපිට පක්‍ෂය උපදෙස් දීලා තියෙන්නේ බහුතරයක් ජයග්‍රහණය කරලා තියෙන පොදුජන පෙරමුණ අපේ සහයෝගයක් අපේක්‍ෂා කරන්නේ නම් ඒ අය අපේ සහයෝගය බලාපොරොත්තු වන්නේ නම් සහ ඒ ගැන ඒ අයට උනන්දුවක් තිබේ නම් ඒ අයට උදව් කරන්න කියලයි. ඒ සහයෝගය ලබාදීම තුළින් අපේ පක්‍ෂයට යම් විදිහකින් තනතුරක් ලබා ගැනීමට වුවද හැකියාවක් ඇත්නම් අපි ඒ තනතුරත් ලබාගන්න සුදානම්. මැතිවරණයක් ජයග්‍රහණය කළාට පස්‌සේ දේශපාලන කුහකකම් කරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ බස්‌නාහිර පළාතේ පළාත් පාලන විෂය භාර ඇමැතිවරයා හැටියට මම හෝ කිසිදු සුදානමක් නැහැ. ජයග්‍රහණය කළ සභිකයන්ගේ පක්‍ෂය කුමක් වුවත් ඒ අය සේවය කරන්නේ අපේ පළාතේ ජනතාවට නිසා ඒ වෙනුවෙන් අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙන්න සුදානම්.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...