ප‍්‍රධාන පුවත්

නව කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව රුසියාව විසින් නිපදවූ ප‍්‍රථම වෛරස් විරෝධී බෙහෙත ලබන 11 වැනිදා එරට කොරෝනා ආසාදිතයින්ට ලබා දීම අරඹන බව රුසියාවේ සෞඛ්‍ය අංශ මගින් නිවේදනය කර තිබේ.

‘ඇවිෆවිර්’ නමින් ලියාපදිංචි කර ඇති මෙම බෙහෙත රුසියාවේ රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් සඳහා ලබාදීම අරඹන බවත්, එම බෙහෙත නිපදවා ඇති සමාගම මසකට කොරෝනා ආසාදිතයින් 60,000 කට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් තොග නිපදවීමට සැලසුම් කර ඇති බවත් රුසියානු සෞඛ්‍ය බලධාරීහු කියා සිටිති.

‘ෆාවිපිරවිර්’ නමින් මුලින් හැඳින්වූ මෙම බෙහෙත පළමුව නිපදවනු ලැබූයේ 1990 දශකයේ අග භාගයේදී පන් සමාගමක් විසින් වන අතර එම බෙහෙත නිපදවීමේ අයිතිය පසුව ෆුජි සමාගම විසින් ලබා ගෙන තිබිණි.

මෙම බෙහෙතේ ක‍්‍රියාකාරිත්වය වැඩි කිරීම සඳහා රුසියානු විද්‍යාඥයින් විසින් එය වැඩිදියුණු කරනු ලැබූ බව රුසියාවේ ස්වාධීන ධනය පිළිබඳ පදනමේ ප‍්‍රධානියා වන කිරිල් ද්මිත්රියෙව් පවසයි. මෙසේ

කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කිරීමට යන බෙහෙත සම්බන්ධයෙන් සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව තොරතුරු සති දෙකක කාලයකින් සෙසු රටවල් හා බෙදා ගැනීමට රුසියානු රජය
බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.

සබැඳි පුවත් –

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ පළමු ඖෂධය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලැබී තිබේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More