හරිත දේශයක් ගොඩනැඟීමේ අරමුණෙන් දිවයින පුරා ග්‍රාමීය මට්ටමෙන් සූර්ය බලයෙන් සහ ජීව වායුවෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සංගමය සහ විදුලි පාරිභෝගික සංගමය එක්ව ක්‍රියාත්මක කර තිබේ.
එහි පළමු ව්‍යාපෘතිය දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට අයත් දික්ලන්ද සහ පොල්වත්ත ග්‍රාම සේවා වසම්වලින් ආරම්භ කිරීමට නියමිතය. කිලෝවොට් 300-500ත් අතර විදුලි ධාරිතාවක් මෙයින් නිපදවීමට අපේක්ෂිතය. කිලෝවොට් 200 ක විදුලි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ග්‍රාමසේවා වසමකට එක බැගින්ද ග්‍රාම වසම් කිහිපයක් එක්කර කිලෝවොට් 300 ක විදුලි ධාරිතාවකින් යුත් ජීව වායු ව්‍යාපෘතියක්ද ආරම්භ කරන බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික පැවසීය.
මෙමගින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලි පද්ධතියට එක්කරන බව පැවසූ ඔහු එමගින් උපයන මුදල් මේ වෙනුවෙන් ග්‍රාමීය මට්ටමෙන් සංවිධානය කළ සමිතියකට බැර කරන බවද කීවේය.
මේ සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි සති දෙකේදී ඊට අනුමැතිය ලබා ගන්නා බවත් හෙතෙම කීවේය. මෙම සූර්ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙසිය පනහක් සහ ජීව වායු ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන හැත්තෑවක් මුදලක් වැයවනු ඇති බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අරුණ කදුරුපොකුණ පැවසීය. මේ සඳහා ජාත්‍යන්තර හරිත අරමුදලේ සහාය මෙන්ම විදුලිබල අමාත්‍යාංයට ඉන්දියාවෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය ආධාරයෙන් කොටසක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ලබා ගැනීමට බලාපොරෙත්තු වන බවද හෙතෙම කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...