ව්‍යාපාරික පුවත්

ඉකුත් රජය සමයේ ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් දහයක් මිල දී ගැනීමේ ව්‍යාපෘතියේ පාඩුව රුපියල් කෝටි 190කට අධික යැයි විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

එවක රජය ඉන්දියාවෙන් මෙම දුම්රිය එන්ජින් මිලට ගැනීමට තීරණය කර ඇත්තේ ඇමරිකානු ලංසුකරුවකු විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඉවත් කරමිනි. ඇමරිකානු ලංසුවට අනුව එන්ජිමක් ඇමරිකානු ඩොලර් මිලියන 3.2ක් වී ඇති අතර ඉන්දියාවෙන් මිල දී ගත් එන්ජිමක මිල ඇමරිකානු ඩොලර් මිලියන 4.25ක් වී තිබෙන බව එම වාර්තාව හෙළි කරයි. ඇමරිකානු එන්ජින් ඉන්දීය එන්ජින්වලට වඩා ආර්ථික වශයෙන් වඩා ලාභදායී බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සිය වාර්තාවකින් ද ඉදිරිපත් කර තිබූ බවත් එහි සඳහන් වෙයි.

මෙම එන්ජින් දහයෙන් අටක් මේ වන විට මෙරටට ගෙනැවිත් ඇත. මෙම එන්ජින් අතරින් එකක පවතින මෘදුකාංග ගැටලුවක් හේතුවෙන් මෙතෙක් ධාවනයේ යෙදවීමට නොහැකිව නිෂ්ක්‍රීයව තිබේ. එමෙන්ම නොවැම්බර් මස 7 වැනිදා ගෙන්වන ලද එන්ජිමද මෙතෙක් ධාවනයට යෙදවීමට නොහැකි වී ඇතැයි ද හෙළි වී ඇත. තවත් එන්ජිමක් පීලි පැන අනතුරට ලක් වීම නිසා අලුත්වැඩියා සඳහා යොමු කර ඇත.

දැනට ගෙන්වා ඇති එන්ජින් අටෙන් ධාවනයේ යොදවා ඇත්තේ පහක් පමණි.

කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි අනුව පළමු එන්ජිම ගෙන්වීමෙන් පසු අඩු තරමින් මාස තුනක්වත් මෙහෙයුම් කටයුතු සිදු කර මතු වන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇනෙක් එන්ජින් නැව් ගත කර ගැනීමට තිබූ නමුත් අඩුම තරමින් ප්‍රධාන මාන පිළිබඳව හෝ අවධානය යොමු නොකර සෙසු එන්ජින් නැව්ගත කිරීමට අනුමැතිය දීම ගැටලු සහගත බව විගණනයේ දී හෙළි වී තිබේ.

මේ වන විට ධාවනයේ යොදවා ඇති දුම්රිය එන්ජින්වල වම්පස රෝදවලට වඩා දකුණු පස රෝද විෂ්කම්භය වැඩි බව ද එම පරීක්ෂණයෙන් හෙළි වී තිබේ. මෙලෙස රෝදවල විෂ්කම්භය එකිනෙකට වෙනස් වීම නිසා ඒවා නිරන්තරයෙන් විවිධ මට්ටම්වලින් ගෙවීමට ලක් වන අතර ඉන් රේල් පීලිවල ගෙවීමද ඉක්මන් වන බව පරීක්ෂණ වාර්තා වේ හෙළි වී තිබේ.

මෙම එන්ජින් මෙරට දුම්රිය මාර්ගවල ධාවනය සඳහා නුසුදුසු බව ද මෙම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More