පුරවැසි කොලම

ඇඳිරි නීතිය පැවතුණද පසුගිය මැයි 21 වැනිදා මරදාන මාළිගාවත්ත ජුම්මා දේවස්ථානය ආසන්නයේ වූ සිදුවීමේ, වැඩිදෙනෙකුගේ අවධානයට ලක්නොවූ කාරණයකින් මෙවර කතාව ආරම්භ කිරීම වටී.

එය ශුද්ධවු රාමදාන් මාසයේ 27 වැනි දිනය විය.

මුස්ලිම් ව්‍යාපාරිකයෙක් වූ ඔහු සෑම වසරකම කරන පරිද්දෙන් මෙවරත් සකාත් – නැතහොත් දාන බෙදා දීමේ නිරතව සිටියේය. සකාත් යනු ඉස්ලාම් දහමේ පංච කුලුණවලින් – යාඥාව, උපවාසය, හජ්ජි වන්දනාව සහ අල්ලා හා උන්වහන්සේගේ පණිවුඩකරු නබිනායක තුමා එකකි.

මෙම පුවත වහාම පැතිර ගිය අතර ඉක්මනින්ම සිය ගණනක් ජනතාව ඔහුගේ නිවසේ ගේට්ටුව ඉදිරිපස රැස්කමින් සිටිනු දැකගත හැකිවිය. ගේට්ටුව විවෘත කළ වහාම ඔවුහු නිවසට පිටතින් වූ වෙනම කොටසකට පැන ගත්හ. මෙහිදී ඇතිවූ කලබගෑනියේ දී වයස්ගත කාන්තාවන් තිදෙනෙක් මියගිය බව පොලිසිය පැවසුවේය.

පවත්නා කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව මෙසේ ජනතාව එක්රැස්ව වෛරසයේ පැතිරීම මර්දනය කිරීමට තමන් හදුන්වාදුන් මාර්ගෝපදේශයන් කිසිදු අයුරකින් සැළකිල්ලට නොගෙන කටයුතු කිරීම සම්බන්ධව සෞඛ්‍ය බලධරයෝ දැඩි ලෙසම කෝපයට පත්වූහ. පිංකමක් කිරීමට ගිය එම ව්‍යාපාරිකයා සහ ඔහුට සහාය දැක්වූවන් පිරිස රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ. ඔවුන්ට එරෙහි නඩුව විභාගයට ගැනීමට නියමිතය.

මෙම සිදුවීම සම්බන්ධ පුවත පැතිරෙත්ම එම ස්ථානයට පැමිණියේ පොලිසිය පමණක් නොවේ. යතුරුපැදිවල නැගුණු හමුදා සාමාජිකයෝ පිරිසක්ද එහි පැමිණියහ.

හමුදා ඇදුමින් සැරසී ටී-56 අවි අත්දරා සිටි ඔවුන්ගෙන් ඇතැමෙක් අව්කණ්නාඩි පැළඳ සිටියේය. සිදුවීම වූ ස්ථානය අවට සැරිසැරූ එම පිරිස සිය අත තිබූ සන්නිවේදන උපකරණයන් මාර්ගයෙන් යුද හමුදා මූලස්ථානයේ ඔවුන්ගේ අණ දෙන නිලධාරියා සමග අදහස් හුවමාරු කරගත්හ. ප්‍රචණ්ඩකාරී සිදුවීමක ලකුණක් නොමැති බව හඳුනාගත් පසුව ඔව්හු එතැනින් නික්ම ගියහ.

එම හමුදා සාමාජිකයන් පිරිසගේ පැමිණීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවූවද රටේ ආරක්ෂක පසුබිම වෙනස් වෙමින් පවතින බව එයින් පැහැදිලි ලෙසම ගම්‍ය වූ කාරණයක් විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම අර්බුදකාරී තත්ත්වයක් වාර්තාවන ස්ථානවලට කඩිනමින් යොමුවීමට සූදානම් ශරීරයෙන් පසුවන අතර සාමය එළැඹුණු පසුව එවන් අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීම විශේෂකොටම සැළකුනේ පොලිසියට අයත් කාර්යයක් ලෙසය. කෙසේවුවත් මෙහිලා වර්තමානයේ දැකගත හැකි එක් වෙනසක් පෙන්වා දිය යුතුය.

අද වන විට යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ කෝවිඞ්-19 ව්‍යාප්තිය මර්දනය කිරීමේ කටයුතුවලට උරදී සිටී. පොලිසයද මෙම කණ්ඩායමට අයත්ය.

ආසාදිතයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබෙන පසුබිමක මෙය අතිශයින් බරපතල සහ වගකීම් සහගත රාජකාරියක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත්, අභ්‍යන්තරයෙන් මතුවන තර්ජනවලට පිළිතුරක් ලෙස වඩා වැඩි බලතල සහිත ශක්තිමත් පොලිස් බලකායක් තිබීම වඩාත් යෝග්‍ය බව ආරක්ෂක ක්ෂේත්‍රයේම සිටින ඇතැම් පාර්ශවවල මතයයි. යුද හමුදාවට සමාන පැරා හමුදා කණ්ඩායමක් ලෙස විශේෂ කාර්ය බලකාය, පොලිසියට දැනටමත් තිබේ.

කෙසේවුවත් පොලිස් දෙපාර්තමේන්තුවේ සහ එයට අනුබද්ධ විශේෂ ආයතනයන්වල කාර්යක්ෂමතාවය සැළකිල්ලට ගැනීමේ දී ශක්තිමත් පොලිස් බලකායක පැවැත්ම අභියෝගයට ලක්වන කාරණයකි.

ආරක්ෂක අංශ නව භූමිකාවන්වලට පණ පොවන්නට ගත්තේ පසුගිය වසරේ අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවය. එයින් අහිංසක මිනිසුන් සහ දරුවන් 268 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියහ. එම ඛේදජනක සිදුවීම ප්‍රහාරය සම්බන්ධයෙන් නැගෙන්නට ගත් රොස් පරොස්වලින් සිය සගයින් ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ වැඩකට නැති පරිපාලනයක සැබෑ ස්වරූපය ජනතාව හමුවේ නිරාවරණය කළේය.

අභාග්‍ය සම්පන්නම දෙය වන්නේ එවැනි ප්‍රහාරයන් එල්ලවීමට ඉඩ තිබෙන බවට බුද්ධි අංශ අනතුරු අගවා තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව අනාවරණය වීමය.

වගකිවයුත්තන්ට එරෙහිව කිසිදු පියවරක් නොගෙන මාස 14 කට ආසන්න කාලයක් ගෙවී තිබෙන අතරවාරයේම ප්‍රහාරයේ තතු ජනපති විමර්ෂණ කොමිසමක් යටතේ විමර්ෂණයට ලක් කැරෙමින් පවතී. ඒ හමුවේ මෙතෙක් නොදැන සිටි, අනාවරණය නොවූ කරුණු කාරණා දිගහැරෙමින් පවතින අතර ඒවායින් තිරයේ ඇඳෙමින් පවතින්නේ ඉතාම අඳුරු චිත්‍රයකි.

ප්‍රහාරය පසුපස සත්‍ය කතාව මෙය යැයි පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් ඉදිරිපත් කළ වාර්තාව හා මෙම ජනපති විමර්ෂණ කොමිසම හමුවේ අනාවරණය වෙමින් තිබෙන කාරණා එකිනෙකට පරස්පර විරෝධී බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. සිය පිළිවෙත කතාවෙන් මිස ක්‍රියාවෙන් පෙන්නුම් නොකළ ඇතැම් අය ආසන්නයටම ජනපති විමර්ෂණ කොමිසමේ ඇගිල්ල දිගුවෙමින් පවතින බවත්, සදහන් කළ යුතුය.

මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් කරන ලද පාස්කු ඉරිදා සංහාරය හමුවේ ආරක්ෂක අංශයට වඩා පුලුල් භූමිකාවක් හිමිවනු හදුනාගත හැකිවිය. රටේ ප්‍රධාන මර්මස්ථාන ආරක්ෂා කිරීමට අමතරව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ නිවස්නයන්, කොළඹ සහ අනෙක් නගරවල මූලෝපායික වශයෙන් වැදගත් වන ස්ථානයන් ආරක්ෂා කිරීමට ඔවුන්ට සිදුවිය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර වෙනත් ගැසට් නිවේදනයක් හරහා ආරක්ෂක අංශ පෙරමුණට කැදවූයේය. එම හදිසි තත්ත්වය මේ වන විට ඉක්ම ගොස් ඇතත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආරක්ෂක අවශ්‍යතා මුදුන්පත් කරගැනීම සදහා තවදුරටත් ආරක්ෂක අංශ ඉදිරියට කැදවමින් සිටී. ඔහු එය කරමින් සිටින්නේ මහජන ආරක්ෂක ආඥා පණත යටතේය.

ඉතා කෙටි කාලසීමාවකට වුවද පොලිසිය සමග රථවාහන හැසිරවීමේ කටයුතුවලට පසුගිය සමයේ හමුදා පොලිසියද අනුයුක්ත කැරිණ. පොලිස් මාර්ගබාධකවලට, පොලිසිය පමණක් නොව යුද හමුදා සාමාජිකයන් යෙදවීමද සිදුවිය.

කාර්ය සාධක බලකායන් පත්කිරීම
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී තිබෙන බලතල යටතේ සුරක්ෂිත රටත්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සදහා ජනපති කාර්යසාධන බලකායක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේ මෙවන් පසුබිමකය. ඉහත ව්‍යවස්ථාවෙන් ජනපතිවරයාට හිමිකරදී තිබෙන බලතල සඳහන් වන්නේ මෙලෙසය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නාවූ ද, ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ හෝ නියමිතව ඇත්තා වූද සියලු ක්‍රියා හෝ දේ කිරීමට බලය ඇත්තේය.

එම කාර්යසාධන බලකායේ සාමාජිකයන් 13 දෙනා මෙසේය.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියාල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, රේගු අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සාලි, යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ඒ.එස්.හේවාවිතාරණ, නාවික හමුදා බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ.කුමාර, ගුවන් හමුදා බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු එම්.ඩී.ජේ.වාසගේ, නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්යබලකාය, ටී.සී.ඒ.ධනපාල සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර.

ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ මෙසේ සදහන් විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද, සදහන් කොට ඇති පරිදි ජාතික ආරක්ෂාවට මුල්තැන ලබාදීමත්, සාධාරණය සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ගුණ ගරුක, විනය ගරුක හා නීති ගරුක සමාජයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව අවධානයට ලක් කරමින්ද, රටක සංවර්ධනය ඉලක්ක කරගත් ආර්ථික ක්‍රමෝපායන් ස්ථාපිත කිරීමේ දී හුදෙක්ම රටේ ආරක්ෂක තත්ත්වය ප්‍රධාන සාධකයක් බව හදුනාගෙන ඇති බැවින් ද, ජනතාවගේ යහපත පිණිස ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැගීම උදෙසා නීතියේ රැකවරණය සැමට සමානව ලැබිය යුතු බව අවධාරණය කරමින් ද, රටක අනාගතය වශයෙන් සළකනු ලබන දරු පරපුර ද, ඇතුලුව සමස්ත සමාජය තුළ පැතිර යමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර ආර්ථික පරිහානිය සමග එකතුවූ සමාජ පරිහානියේ ද, ප්‍රබල සාධකයක් බැවින් ඉන් සමස්ත සමාජය මදුවා ගැනීම අත්‍යාවශ්‍ය වන බව සැළකිල්ලට ලක් කරමින් ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරන්ධර ගෝඨාභය රාජපක්ෂ වන මම, ඔබතුමන්ලාගේ විචක්ෂණභාවය සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි මහත් වූ භක්තිය සහ විශ්වාසය තබමින්, සුරක්ෂිත රටක්, විනය ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සදහා වන ජනාධිපති කාර්යසාධක බලකායෙහි සාමාජිකයන් ලෙස මතු දැක්වෙන කාර්යයන් ක්‍රියාත්මක කිරීම සදහා මෙයින් පත් කරමි.

1. වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල, නිදහස් හා සාමකාමී ජන පැවැත්මකට හානිකර අයුරින් මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්වල එකී නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම

2. මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවන්නන් හෝ ඉන් වැළැක්වීම සදහාත්, වරාය හා ගුවන් තොටුපළ ආදී ස්ථාන හරහා පිටරටවලින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුලුවීම වැළැක්වීම සදහාත්, රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම පූර්ණ වශයෙන් මර්ධනය කිරීම සදහාත්, මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන අනෙකුත් සමාජ ව්‍යසනයන් වැළැක්වීම සදහාත්, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම

3. වෙනත් රටවල ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සොයාබලා එම අපරාධවලට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම

4. බන්ධනාගාර ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා පිළිබදව සොයා බලා ඒවා වැළැක්වීමට කටයුතු කිරීම

තවද, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මැතිතුමා කාර්යසාධක බලකායේ සභාපති ලෙසත්, ආරක්ෂක අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ සහකාර ලේකම්, ඩී.එම්.එස්.දිසානායක මැතිතුමා උක්ත කාර්යසාධක බලකායේ ලේකම් ලෙසත් පත්කරමි.

තවද, සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සදහා වන ජනාධිපති කාර්යසාධක බලකාය විසින් උපදෙස් නිකුත් කරනු ලැබිය හැකි නැතහොත් සේවා සැපයීම පිණිස සහාය ඉල්ලා සිටිය හැකි සියලුම රජයේ නිලධරයන් හා එබදු සෙසු තැනැත්තන් විසින් තත් කාර්යය සම්බන්ධයෙන් නිසි අයුරින් පිළිපැදිය හැකි එබදු උපදෙස්වලට අනුකූලව ක්‍රියාකළ යුතු යැයි ද, ලබාදිය හැකි සියලුම සහාය සැළසිය යුතු යැයි ද, සැපයිය හැකි සියලුම තොරතුරු ලබාදිය යුතු යැයි ද, මම මෙයින් සියලුම රජයේ නිලධරයන්ට සහ සෙසු තැනැත්තන්ට නියම කොට විධානය කරමි.

තවද, කිසියම් රාජ්‍ය සේවකයකු හෝ කිසියම් අමාත්‍යංශයක, රජයේ දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් එබදු ආයතනයක නිලධාරියෙකු විසින් පෙරකී කාර්යසාධන බලකාය විසින් පවරන ලද රාජකාරි හා වගකීම් ඉටුකිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින සියලු අවස්ථා මා හට වාර්තා කරන ලෙස පෙරකී කාර්යසාධන බලකායට මම මෙයින් නියම කොට විධාන කරමි.

ගැසට් නිවේදනයට අත්සන් තබා තිබුණේ ජනපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More