කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබු ආර්ථීක සීමාවන් සම්පුර්ණයෙන් ලිහිල් කිරීමට සිංගප්පුරුව තීරණය කර තිබේ.
රට විවෘත කිරිමේ දෙවන අදියර යටතේ ලබන සතියේ ආර්ථීක සිමාවන් ලිහිල් කිරිමට තීරණය කළ බව සිංගප්පුරු රජය ප්‍රකාශ කළේය.
ඒ අනුව කුඩා හා මහා පරිමාණ වෙළෙඳාම් කටයුතු හා ස්වයං රැකියා කටයුතු සහ දේශීය කර්මාන්ත යළි ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වසංගත තත්ත්වය යටතේ වසා දැමුණු රට අදියර කිහිපයක් යටතේ විවෘත කිරිමට සිංගප්පුරු රජය පසුගියදා පියවර ගත්තේය.
සිංගප්පුරුවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 39,387 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 25 ක් සිදුව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...