විදේශ පුවත්

කොරෝනා ආසාදනය වූ රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට ක‍්‍රියා නොකිරීම ගැන මියගිය  රෝගීන්ගේ ඥාතීන් පනස් දෙනෙක් ඉතාලි රජයට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.

මේ නඩුව ගැන කරුණු දැක්වූ මියගිය කොරෝනා රෝගියකුගෙක් මුණුපුරා වූ ස්ටැපෑනෝ ප‍්‍රස්කෝ පලිගැනීමක් ලෙස නොව යුක්තිය ඉල්ලා මෙම ක‍්‍රියාදාමය දියත් කළ බව කීවේය.

ක‍්‍රිස්ටිනා ලෝන්ග්හිනි නමැති ඖෂධවේදිනියගේ පියා වූ 65 හැවිරිදි ක්ලෝඩියෝ අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇති අතර හදිසි ගිලන්රථ සේවය ඇමතූ අවස්ථාවේ රෝහලට ගෙනයෑම ප‍්‍රතික්‍ෂේප වී ඇත.

කෙසේ හෝ බර්ගාමෝ රෝහලට පියාව ගෙනගියා. රෝහල් බලධාරීන් පැවසූවේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ඇඳක් සොයන ලෙසයි. නමුත් ඇඳක් තිබුණේ නැහැ. පියා මියගිය බව පැවසීමටවත් රෝහල් බලධාරීන් උනන්දු වූයේ නැහැ යැයි ක‍්‍රිස්ටිනා කීවාය.

තම පියාගේ සිරුර පරීක්‍ෂා කළ අවස්ථාවේදී එය හඳුනාගැනීමට අපහසු වුණා. ඇස්වලින් ලේ ගලා එමින් තිබුණා. යැයි තවදුරටත් සඳහන් කළ ක‍්‍රිස්ටිනා සිය පියාගේ මළ සිරුර අනිකුත් සිරුරු සම`ග හමුදා ට‍්‍රක් රියකින් ගෙනගියා යැයි සඳහන් කළාය.

සිය පියාව කිලෝ මීටර් 200 ක් ඈත පිහිටි සුසාන භූමියකදී ආදාහනය කිරීමෙන් පසු ආදාහන ගාස්තු ලෙස බිල්පතක් එවා තිබුණා යැයි ඇය තවදුරටත් කියා සිටියාය.

ලෝරා කැපොලා නමැති තරුණිය ද ඉතාලි සෞඛ්‍ය සේවයට චෝදනා කරමින් කොරෝනා රෝගයෙන් තම මව්පියන් දෙදෙනා මියගිය බවත් වෛද්‍යවරු සී. ටී. ස්කෑන් පරීක්‍ෂාව කළේ නැතැයි හෙළි කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More