වර්ගවාදය සම්බන්ධයෙන් ජිනිවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේ හදිසි විවාදයක් පැවැත්විය යුතු බවට අප්‍රිකානු රටවල් 54ක් වෙනුවෙන් බර්කිනා – ෆාසෝ රාජ්‍යය ලිපියක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
වර්ගවාදය පදනම් කොට ගත් මානව හිමිකම් උල්ලංගණය කිරීම් මෙන්ම අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාවට එරෙහි පොලිස් කෲරත්වය ඇතුළු අයුක්තිසහගත ක්‍රියාවන් සංවාදයට ලක්විය යුතු බවයි එමගින් ඔවුන් පෙන්වා දී තිබෙන බවද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
මේ වන විට ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයත් සමඟ ලොව පුරා විරෝධතා මේ වන විටත් පැවැත්වෙන බවත් ඒ පිළිබඳව සළකා වර්ගවාදය සහ පොලිස් කෲරත්වය පිළිබද ජගත් මානව හිමිකම් මණ්ඩලයේ විවාදයක් පවත්වන ලෙස ලිපිය මගින් ඉල්ලීමක් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...